වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා.

ඒ පොලිස්පතිවරයා එම ධුරයේ රාජකාරි කරමින් සිටියදීමයි.

ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී තිබියදී පොලිස්පති පූජිත ජයසුන්දර එම නියෝගය මඟ හරිමින් කටයුතු කරන බව වාර්තා වී තිබෙනවා.

මේ අතර, ආරක්ෂක අමාත්යංශයේ උපදේහකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා පත්කර ඇති බවයි ජනාදිපති මාධ්ය අංශය සඳහන් කළේ.

මීට අමතරව නව අගවිනිසුරුවරයා ලෙස නීතිපති ජයන්ත ජයසුරිය මහතා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දී තිබෙනවා.වැඩබලන නීතිපතිවරයා ලෙස සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුලි ද ලිවේරා මහතා පත්කර තිබෙනවා.



0 comments

Post a Comment

Trending

facebook