Popular Posts









පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් රචිත "යහපාලන TOP 10 කම්බ හොරු" නැමැති ග්‍රන්ථය ඊයේ (10) දින කොළඹදී එළිදැක්වුනා.ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතයින් බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පොත එළිදැක්වුනු අතර එහි පළමු පිටපත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබුවා.

වත්මන් රජයේ මැති ඇමතිවරුන් විසින් සිදුකරන ලද මහජන මුදල් වංචා සම්බන්ධ සිද්ධීන් පිළිබද තොරතුරු මෙම ග්‍රන්ථයට ඇතුළත් වන බව සදහන් වන අතර වසර දෙකහමාරක් තුළ අදාළ වංචාවන් සම්බන්ධයෙන් පොලීසියට වංචා විමර්ශන කාර්යාලයට හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට සිදුකරන ලද පැමිණිලි ද මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් මිලියන 1500 මහජන මුදල වංචා කරන ලද අවස්ථාවන් මෙම ග්‍රන්ථයට අැතුලත් වන බවත්, අදාළ පැමිණිලි විභාග නොකිරීම හා ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ ප්‍රධාන අරමුණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටියා.




0 comments

Post a Comment

Trending

facebook