ශ්‍රී පාදස්ථානයේ නම ශිව පාදම් වෙයි ? අලුත්ම තීරණය මෙන්න









ශ‍්‍රී පාදස්ථානයට ඇතුළුවන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට ගෙන තිබූ තීරණය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා විසින් ඊයේ (07) වැනිදා  අත්හිටුවා ඇත.

මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව මගින් ශ‍්‍රීපාදස්ථානයට ඇතුළු වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට පසුගියදා යෝජනාවක් සම්මත කරගෙන තිබිණි.

ඒ අනුව කිසිදු පාර්ශ්වයක් සමඟ සාකච්ඡා නොකොට අත්තනෝමතික ලෙස ගත් එම තීරණය වහාම අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පළාත් පාලන කොමසාරිස්වරයා හරහා ඊයේ මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවට නියෝගයක් නිකුත් කර තිබේ.

මධ්‍යම පළාත තුළ මින් ඉදිරියට ජාතීන් අතර ගැටුම් ඇති කිරීමට කිසිදු ඉඩක් නොතබන බව ද, එවැනි වැරදි සිදුනොවීමට අදාළ රාජ්‍ය ආයතන වගබලාගත යුතු බව ද මේ පිළිබඳව අදහස් දක්වමින් මෛත‍්‍රී ගුණරත්න මහතා සඳහන් කළේය.

Post a Comment

0 Comments