Popular Posts







ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගයෙන්ද ලකුණු 113ක පහසු ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුනා.

සෙන්චූරියන් හීදි ඊයේ දින (06) පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පන්දුවාර 45යි එක් පන්දුවක දී සියලූ දෙනා දැවී ලකුණු 251ක් රැස් කිරීමට සමත් වුනා.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ක්වින්ටන් ඞී කොක් ලකුණු 94ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී සාර්ථක වූ එකම ශ්‍රී ලංකා පන්දු යවන්නා වූ තිසර පෙරේරා ලකුණු 26කට කඩුලු 03ක් බිඳ හෙළුවා. ලකුණු 252ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා පිළට පන්දුවාර 32යි පන්දු 2කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 138ක් පමණයි.  ඕෂධ ප‍්‍රනාන්දු ලකුණු 31යි.

වසරකින් පසු ජාතික කණ්ඩායමට එක්වූ ආරම්භක පිතිකරු උපුල් තරංග එක් තරගයකින් පසු ඉවත් කිරීමට කණ්ඩායම් කළමණාකාරීත්වය ඊයේ තරගයේදි පියවර ගෙන තිබුනා. කෙසේ වෙතත් එක්දින කණ්ඩායමේ දිගින් දිගටම අසාර්ථක නිරෝෂන් දික්වැල්ලට ඊයේ තරගයේද නැවත අවස්තාව හිමිව තිබුනා. එහිදීද අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 6කට දැවී ගියා. කෙසේ වෙතත් නවක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට අවස්තාව ලබා දීමට අවශ්‍ය වූවා නම් ඉවත් කළ යුතුව තිබුනේ අසාර්ථක නිරෝෂන් දික්වැල්ල විනා උපුල් තරංග නොවන බවටද විචාරකයන් මත පළ කර සිටියා.

ඒ අනුව තරග පහකින් සමන්විත දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙකට බිංදුවක් ලෙස දකුණු අප‍්‍රිකාව පෙරමුණේ පසුවනවා. දෙරට අතර දෙවන තරඟය එළඹෙන 10 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.







0 comments

Post a Comment

Trending

facebook