Popular Posts










පවතින ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැමිණිය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින්. එහිදී මෙම වසර මැතිවරණ වසරක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර, සිය ගැටලු විසඳා ගැනීමට ශ්‍රී ලංකාවටම අවස්ථාව ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කිරීම සඳහා නියෝජිතයින් 3 දෙනෙකු ජිනීවා නුවරට පිටත් කර යවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ ආචාර්ය සුරේන් රාගවන් යන මහත්වරුන් ඒ සඳහා යොමු කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ජනපතිවරයා මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ පරිදි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ලොව උසස්ම තාක්ෂණය ලබා ගැනීමට ආයෝජනය කරන බවද, පොලිස් දෙපාර්තමේන්තුව පූර්ණ ලෙස ප්‍රතිව්‍යුහගත ගත කිරීමේ අවශ්‍යතාවක් බවද සඳහන් කළා. ඒ අනුව පොලිස් නිලධාරීන් පැය 8ක සේවා කාලයක නිරත වීම ඉතා විරළ බවත්, ඔවුන් ඇතැම් විට ආහාර හෝ ජලය නොමැතිව පැය 12කට වඩා වැඩි කාලයක් සේවය කරන බවත් ප්‍රකාශ කළා. මේ හේතුවෙන් තමන් පොලිස් දෙපාර්තමේන්තුව  ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කර නිලධාරිනියන්ගේ දුක් ගැනවිලි වෙනමම සොයා බලන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

මේ පිළිබඳව බොහෝ දේශපාලක විචාරකයින් අදහස් දක්වමින් පවසා සිටින්නේ මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන එක්ව පොහොට්ටුව යටතේ තරඟ බිමට එක්වනු ඇති අතර නැවතත් ජනාධිපති ධූරය සඳහා මෛත්‍රීපාල තරඟවදින බවත් අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ පැමිණීමට නියමිත බවත් ය.

බැසිල් රාජපක්ෂ මහතා නැවතත් ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා හට අවස්ථාව දීම පිළිබඳ එතරම් කැමැත්තක් නැති බවද කියැවෙනවා. මේ නිසා ලංකාව පුරා ජනාධිපතිවරණ අපේක්ෂයා ලෙස ජනතා කතාබහට ලක් වූ ගෝඨාභය රාජපක්ෂ මහින්දවාදී කඳවුරෙන් ඉවත්ව ස්වාධීනව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනු ඇතැයි ද මත පල වී තිබෙනවා.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුබ කණ්ඩායම පුළුල් සංධානයක් ඔස්සේ පොදු ශක්තිමත් , උගත් පොදු අපේක්ෂකයෙන් ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා. එම පුළුල් සන්ධානයට ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානය ද ඇතුලත්  බව කියැවෙනවා. එමනිසා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වීමේ සම්භ්‍යාවතාව ඉතාමත් අල්ප බවයි වාර්තා වන්නේ.

0 comments

Post a Comment

Trending

facebook