Popular Posts








පානදුර ප්‍රදේශයේ ගුණානන්ද හිමි වාදභූමියට ආසන්නව නිවෙසක ජීවත් වූ දෙදරු මවක් සහ ඇයගේ වැඩිමහල් දියණිය අතර ඇතිවූ ගැටුමක් දුරදිගයාම නිසා එම දියණිය විසින් තමන් සතු යතුරුපැදිය පණ ගන්වා සිය 57 හැවිරිදි  මවගේ ඇඟ උඩින් ධාවනය කළ සංවේදී පුවතක් අපට වාර්තා වූවා.

අවුරුදු 36 ක් පමණ වන සැකකාර වැඩිමහල් දියණිය පානදුර ප‍්‍රදේශයේ සුප‍්‍රසිද්ධ නීතිඥවරයකුගේ ලිපිකාරිනියක ලෙස සේවය කරන බව වාර්තා වූ අතර ඇය සිදුකරන ලද මෙම අනතුරින් බරපතල තුවාල ලැබීමත් සමග පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. ඉඩමක් සම්බන්ධයෙන් ඇතුවූ කතාබහක් දුරදිග යාම නිසා දියණිය මෙම අනතුර සිදුකර ඇති අතර එම මව තමන් මුහුණ දුන් අත්දැකීම රෝහලේදී හඬා වැටෙමින් මෙලෙස ප්‍රකාශ කළා.

" උඹ හිතේ තියා ගණින් උඹට මැරෙනකන් විතරයි මේ ගෙදර ඉන්න පුළුවන් කියලා. ලොකු දුව මගේ ළඟට කොළයක් විසි කළා. මට බය හිතුණා. දුව එක පාරටම යතුරුපැදිය පණ ගන්වලා තෝව මරනව කියලා මගේ ඇඟ උඩින් ගියා. මාව වැටුණා. මම කිව්වා මරපං මාව කියලා. මගේ කෙස් වැටියෙන් අල්ලාගෙන බඩට පයින් ඇන්නා පස්සේ මට ක්ලාන්තයක් ආවා

දරුවන් දෙන්නම මට එකයි. ලක්‍ෂ 80 කට ගේ විකුණනවා කියලා ලොකු දුව කිව්වා. මම ඒකට විරුද්ධ වුණා. පොඩි නංගිට සාධාරණයක් විය යුතු බව මම කිව්වා. අසමගි වුණු පවුල පවා අපි සමගි කළා. එයාලාගේ සතුට අපේ සතුටයි. සියලූ දෙනා සමගියෙන් ඉන්න ඕන. ලොකු දුව ගේ හදන්න පටන් ගත්තා. බාස්ට කිව්වා මගේ ගේ ළඟින්ම තාප්පය ගහන්න කියලා. මම කිව්වා බුදු පුතේ මම වඳින්නම් මට අඩි 2 ක් දීපන් කියලා. පස්සේ ලොකු දුව අත්තිවාරම දාලා. මම දොර අරිනකොට තාප්පෙ වදින්නේ මූණේ. පස්සේ මෙයාලා තාප්පෙ කඩලා. ලොකු දුව මෙයට පෙරත් මාව යටකරන්න හැදුවා. මම ගෙදර පදිංචියට ආවා. ඒ අතරතුර තමයි මේ සිද්ධිය පටන් ගත්තේ. " යනුවෙන් එම මව අප වෙත අදහස් දක්වා සිටියා .

0 comments

Post a Comment

Trending

facebook