Popular Posts







පසුගිය දින සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රසිද්ධ අවන්හලක් වැටලීම සමාජයේ කතාබහට ලක්වුනා. මේ අතර මෙම වැටලීම මේ වනවිට සමාජජාලා මාධ්‍යයන්ගේද ආන්දෝලනයට තුඩු දී තිබේ.ඒ මෙම වැටලීම අවස්ථාවේ සිටි පුද්ගලයෙකු ලිංගික අපචාරයකට කැනඩාවට අවශ්‍යව සිටිනා සැකකරුවෙක් වීම හේතුවෙනි.

කැනේඩියානු Ottawa පොලීසිය 2015 වසරේදි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ මෙම ශ්‍රී ලාංකික පුද්ගලයා ලිංගික අපචාර චෝදනාවක් හේතුවෙන් කැනෙඩියානු පොලීසියට අවශ්‍යව සිටිනා සැකකරුවෙක් බවයි.

මෙම අවන්හලේ වැටලීමේ වීඩියෝ දර්ශන නිකුත් වීමත් සමග සමාජජාලා ක්‍රියාකාරීන් ප්‍රකාශ කර සිටියේ මෙම පුද්ගලයා කැනඩා පොලීසියට අවශ්‍ය ඇන්ටන් ඇන්ඩෘ නම් සැකකරු බවයි.

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජයමුණී මහතාගේ උපදෙස් මත මෙම වැටලීම ඊයේ (13) දිනයේ දී සිදු කරනු ලැබූ අතර, එහි ආහාර ඉතා අපිරිසිදු ලෙස හා අවිදිමත් ලෙස ගබඩා කර තිබූ බවයි  කොළඹ  කුරුඳුවත්ත බොරැල්ල බාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී සුභාෂ් මෙන්ඩිස් මහතා පවසා සිටියේ.

මෙසේ වැටලීම සිදු කොට ඇත්තේ කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ද අවන්හලක් ලෙස සැලකෙන කැලරි කවුන්ටර් නම් අවන්හලයි.

අදාල වැටලීමේ වීඩියෝ දර්ශන පහතින්,






කැනඩා පොලීසියේ ට්විටර් පණිවිඩය පහතින්,














0 comments

Post a Comment

Trending

facebook