බිග් මැච් උණුසුම අතරේ බාලිකා පාසල් වලට විශේෂ ආරක්ෂාවක් - කළහකාරී ලෙස හැසිරුනොත් වෙන දේ මෙන්න !








මේ දිනවල පවතින බිග් මැච් උණුසුමත් සමඟ ඇතී වී තිබෙනව තත්ත්වයන් මුල් කර ගනිමින් තරඟාවලි පැවැත්වෙන කාල සීමාව තුළ විනය විරෝධී ක්‍රියාවල නිරත වීමෙන් වළකින ලෙස පොලීසිය පාසල් සිසුන්ට දැනුම් දෙනවා. ඒ අනුව එලෙස විනය විරෝධී ලෙස ක්‍රියාකරන සිසුන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

මේ අතර අදාළ කාලසීමාව තුළ පාසල් ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර ක්‍රිකට් තරගාවලීන් පැවැත්වෙන කාල සීමාව තුල බාලිකා පාසල් සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇති බවද සඳහන්. බාලිකා පාසල් ආශ්‍රිතව විවිධ අකටයුතුකම් කරමින් කළහකාරී ලෙස හැසිරෙන සිසුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද පොලිසිය සඳහන් කරනවා.

පසුගියදා කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලකට කඩා වැදුනු පාසල් දෙකක සිසුන් පිරිසක් එම පාසලේ දේපල වලට හානි කරමින් කළහකාරී ලෙස හැසිරුන අතර එහිදී කොල්ලුපිටිය පොලිසිය විසින් සිසුන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුනා. එම සිසුන් පාසල තුල  රතිඤ්ඤා දල්වමින් එහි දේපළවලට හානි කර ඇති අතර, ඒ හේතුවෙන් විදුහලේ ගේට්ටු දෙකකට, පාසල් වාහන කිහිපයකට සහ දේපළ රැසකට අලාභ හානි සිදුව තිබුණා.


Post a Comment

0 Comments