Popular Posts








මෙරට  ප්‍රබල පාතාල සාමාජිකයෙකු වන  සංඛ ශිරන්ත හෙවත් බ්ලූමැන්ඩල් සංඛ ඇතුලූ තවත් පාතාලය හා සම්බන්ධ තුන්දනෙකු තමිල්නාඩුවේ රාමේෂ්වරන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. හින්දු පුවත්පත ඇතුලූ ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුලූවීමේ චෝදනාව මත ඔවුන් මුලින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේ නමුත් පසුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අදාල සැකකරුවන් ශ්‍රී ලංකාවේ සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් බවට අනාවරණය කරගෙන තිබෙනවා. එහිදී අත්අඩංගුවට ගත් 23 හැවිරිදි මදූ සෆ්රාල් නැමති ඉන්දීය ජාතිකයා බ්ලූමැන්ඩල් සංඛගේ රියදුරා ලෙස කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ. අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා 22 හැවිරිදි රියාස් නැමැත්තෙකු බවයි සඳහන් වන්නේ.

එරට ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද වැඩිදුර පරීක්ෂණවලදී  බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තා 2018 වසරේ අවස්ථා කිහිපයකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුව වෙත ගොස් ඇති බව අනාවරණය කරගෙන ඇති අතර ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කර බ්ලූමැන්ඩල් සංඛ ඇතුලූ සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව තමිල්නාඩු ආරක්ෂක අංශ ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

0 comments

Post a Comment

Trending

facebook