අද අපි ඔබව දැනුවත් කරන්නේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය විසින් මෑතකදී සිදුකරනු ලැබූ තරමක් අමුතු අධ්‍යයනයක් පිළිබඳවයි. අනෙකුත් කාන්තාවන් හා සසඳා බලනවිට විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන් ඉහල බුද්ධිමත් බවකින් යුතු බව හෙළිවී තිබෙනවා.

එපමණක් නොවෙයි ඔවුන් නිධන්ගත රෝගී තත්වයන්ට ගොදුරු වීමට ඇත්තේද ඉතාමත්ම අඩු අවදානම් තත්වයකි.

විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ කොලෙස්ටරෝල් මට්ටම අවම අගයක පවතින අතර ශරීරයේ ඇති සීනි මට්ටම වඩාත් හොඳින් පාලනය කිරීමට උපකාරී වෙන හිතකර හෝමෝනද වැඩි වශයෙන් පවතිනවා.

එවැනි කාන්තාවන්ට හදවත් රෝග සහ දියවැඩියාව වැනි රෝගී තත්වයන් වැළඳීමට ඇත්තේ අඩු අවදානම් තත්වයකි.

පුළුල් උකුලක් හිමි කාන්තාවන්ට උපදින දරුවන් ඉහල බුද්ධි මට්ටමකින් යුත් නැණවත් දරුවන් වීමට වැඩි නැඹුරුතාවයක් තිබෙනවා.

ඔවුන්ගේ තට්ටම් වල ඔමේගා 3 මේද ගබඩා වී පවතින නිසා තමයි ඉපදෙන දරුවා බුද්ධිමත් දරුවෙක් බවට පත්වෙන්නේ. ඔමේගා 3 මේද යනු මොලයේ වර්ධනය සඳහා උපකාරී වෙන ඉතාමත්ම වැදගත් පෝෂකයකි.

මෙම අධ්‍යයනයේ මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකු වන කොන්ස්තන්තිනොස් මහතා පවසා සිටින පරිදි, තට්ටම් ප‍්‍රදේශයේ වැඩිපුර මේදය ගබඩා වී පවතින කාන්තාවන්ගේ කොලෙස්ටරෝල් සහ සීනි මට්ටම පවතින්නේ අවම අගයකයි.

ලෙප්ටින් යනු ශරීරයේ බර විධිමත් කිරීම සඳහා වගකිවයුතු හෝමෝනයකි. ඩිනොපෙක්ටිනා විසින් සිදු කරන්නේ දියවැඩියාවට සහ උදර දෝෂ වලට එරෙහිව සටන් කිරීමයි.

විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ ශරීර වල ඉහතකී හෝමෝන දෙකම වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා.

තට්ටම් වල ඇති මේදස්වී පටක වල මේද අංශු එක්රැස්වී පවතින නිසා හදවත සෞඛ්‍ය සම්පන්නව පවත්වාගන්නටද පුළුවන්.

පිට්ස්බර්ග් සහ කැලිෆෝනියා කියන ලොව සුපතල විශ්ව විද්‍යාල දෙකක් විසින් සිදුකරනු ලැබූ අධ්‍යයනයකට අනුව විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව ඉහල අගයක පවතින බව වැඩිදුරටත් සනාත වී තිබෙනවා.













0 comments

Post a Comment

Trending

facebook