නිසි බලපත්‍රයක් නොමැතිව ඇත් පැටවකු තම සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා දෙකක්  සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවෙන් ධම්මාලෝක හිමියන් නිදොස් කොට මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (01) නියෝග කරනු ලැබුවා.

මෙම නඩුවට අදාල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරන විනිසුරු සම්පත් විජේරත්න මහතා පවසා සිටියේ අලි පැටවා ධම්මාලෝක හිමියන් භාරයේ සිටි බවට පැමිණිලි පාර්ශවය සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට අපොහොසත්ව තිබෙන බවයි.

පැමිණිලි පාර්ශවය ඉදිරිපත් කළ පළමු සාක්ෂිකරු ඇතුළු අනෙකුත් සාක්ෂි වලින් මෙම අලි පැටවා ධම්මාලෝක හිමියන්ගේ භාරයේ සිටි බවට සාක්ෂි වලින් අනාවරණය නොවන බව විනිසුරුවරයා එහිදී අවධාරණය කළා.

කෙසේවෙතත් මෙම අලි පැටවා පොදු දේපල පනත යටතට ගැනෙන සිද්ධියක් බවට තීරණය කළ විනිසුරුවරයා එම අලියා වනජීවි අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත භාරයට පත් කිරීමට නියෝග කළා.

එම අලි පැටවාට තම සේවාදායකයා අයිතිවාසිකම් නොකියන බව විත්තියේ නීතිඥවරයා දැනුම් දෙන ලදී .

වසන්ත සේනානායක මහතා වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසට කටයුතු කළ අවදියේ වනාන්තර වලින් අල්ලා ගන්නා අලි පැටවුන් මුදලට ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොනු කර තිබුණි . වසන්ත සේනානායක මහතා මීට පෙර මෙම නඩුව සම්බන්ධයෙන් සාක්ෂි ලබා දී තිබුණි .

පූජ්‍ය උඩුවේ ධම්මාලොක හිමියන්ට එරෙහිව වන සත්ව හා වෘක්ෂ ලතා ආඥා පනත සහ පොදු දේපල පනත යටතේ අධි චොදනා දෙකක් ගොනු කර තිබුණි.







0 comments

Post a Comment

Trending

facebook