ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ “ස්ලිම් නීල්සන්” ජනතා සම්මාන උළලේදී වසරේ හොඳම ගායකයාට හිමි සම්මානය දිනා ගැනීමට ඊයේ (05) සමත් වුනා.

කෙසේ නමුත් සම්මානය ලබා ගැනීමෙන් අනතරුව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහහනක් තබා තිබුණේ පසුගියදා මියගිය සිය මෑණියන්ගේ බලාපොරොත්තුවක් ඉටු කිරීමට තමන්ට හැකිවීම පිළිබඳ නිහතමානීව ආඩම්බර වන බව සඳහන් කරමින්.

එසේම “ස්ලිම් නීල්සන්” ජනතා සම්මාන උලෙළ සඳහා සිය නම යෝජනා කළ සියළු දෙනා වෙනුවෙන් සිය ස්තුතියද ප්‍රකාශ කරමින් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්.

‘‘හිතාගන්නවත් බැරි මොහොතක මගේ අම්මා මගෙන් ඈතට ගියත් අම්මගෙ හිතේ තිබුන අහින්සක තව එක හීනයක් මට සැබෑ කරන්න පුලුවන් උනා. 2019 අවුරුද්දෙත් වසරේ හොඳම ගායකයාට හිමි සම්මානය මට දැන් ලැබුනා.වෙනද මෙහෙම මම ගෙදර එද්දි මම එනකන් මග බලාගෙන ඉන්න මගේ අම්මා අද නෑ කියල දැනෙද්දි හිතට එන පාලුව,තනිකම,වේදනාව කියා ගන්න බැරිතරම්.දුක තිබුනත් නිහතමානී සතුටක් දැනෙනවා අම්මගේ මේ හීනෙත් සැබෑවක් කරන්න පුලුවන් උනාට..

ස්තුතියි මගේ නම යෝජනා කලාට.ස්තුතියි මෙතුවක් මා වෙනුවෙන් ගීත ලිවූ,තනු නිර්මාණය කල, සංගීතය සැපයූ හැම හදවතකම.ස්තුතියි හදවතින්ම මෙතුවක් මා සමග සිටි ආදරණීය රසික ඔබ සැමට.තෙරුවන් සරණයි‘‘






0 comments

Post a Comment

Trending

facebook