ඊයේ පස්වරුවේ රට පුරා ප‍්‍රදේශ ගණනාවක විදුලි බිද වැටීම් සිදුව තිබුනා. නොරොච්චෝල බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රය අක්‍රීය වී ඇති නිසා පද්ධතියේ සමතුලිතභාවය ආරක්‍ෂා කිරීමට විදුලිය විසන්ධ කල බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. තාක්‍ෂණ දෝෂයක් හේතුවෙන් බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වී ඇති බවත් එය යථා තත්වයට පත් කරමින් ඇති බවත් අමාත්‍යංශය කියා සිටී.

මේ වන විට බලාගාර ආශ‍්‍රිත ප‍්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය විශාල වශයෙන් පහත වැටී ඇති අතර නොරොච්චෝල බලාගාරය උපරිම ධාරිතාවෙන් ක‍්‍රියා කරමින් තිබේ.

විදුලිය විටින් විට විසන්ධි කෙරේ ! රට පුරා විවිධ ප‍්‍රදේශයන්හි විටින් විට විදුලි බිද වැටීම් ඇති විය හැකි බව විදුලි බල අමාත්‍යංශය සදහන් කරයි. නොරොච්චෝල බලාගාරයේ එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් ඊයේ දහවල් බිද වැටීම නිසා පද්දතිය සමතුලිත කිරීම සදහා මෙම ක‍්‍රියාමාර්ග ගැනෙන බවද අමාත්‍යංශය කියයි.

තාක්‍ෂණික දෝෂයක් නිසා බිද වැටුනු විදුලි උත්පාදන යන්ත‍්‍රය යථා තත්වයට පත් කරන තෙක් මෙම තත්වය ඇති විය හැකි බවත් ඉක්මනින්ම යථා තත්වයට පත්වනු ඇති බවත් ඔහු කියා සිටී.

0 comments

Post a Comment

Trending

facebook