Popular Posts







මෑත කාලයේදී නිතර අහන්න ලැබුණු දෙයක් ගැන ලියන්න හිතුවා.ඒ තමයි විවාහයෙන් පසු දරු ඵල ප්‍රමාදය. ඒ ගැන මං හොයාගත්ත දේවල් ටිකක් බෙදාගන්නයි යන්නෙ.

ඔසප් චක්‍රය -

මේ ගැන කාන්තාවන් විදියට අපි අවුරුදු 12,13 දී පමණ යම් අවබෝධයක් ලබනවා.නමුත් විවාහයෙන් පසුව දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්න කාන්තාවකට ක්‍රමානුකූල චක්‍රයක් සහ ඒ පිලිබඳ අවබෝධය ඉතා වැදගත්.විවාහයට පෙර හෝ විවාහ වූ සමග පැහැදිලි ලෙස දින සටහන් තබාගන්න.ඔසප් වීම ආරම්භ වූ දිනය චක්‍රයේ පලමු දිනයයි.

ඔසප් චක්‍රය එකිනෙකාට අනුව වෙනස් වෙනවා.යම් යම් හෝමෝන බලපෑම් නිසා.

*සාමාන්‍ය ඔසප් චක්‍රයක දින ගණන දින 28ක්
*දින 21 සිට 35 දක්වා පරාසය සමාන්‍ය පරාසය වෙනවා
*දින 35ට වඩා වැඩි නම් ඒක ටිකක් දිග චක්‍රයක්.
*දින 3 සිට දින 7 දක්වා ඔසප් වීම සාමාන්‍යයි ඊලඟට අපිට වැදගත්ම වෙන්නෙ අපේ චක්‍රය අනුව ඩිම්බයක් පිටවෙන දවස.(ovulation) එහෙම නැත්නම් ඩිම්භරීකරණය.

මෙය ඔසප් චක්‍රය අනුව වෙනස් වෙනවා.

මෙන්න මේ විදියට තමයි ඩිම්බයක් පිටවෙන්නෙ.උදාහරණයක් විදියට දින 28 ක චක්‍රයක් හිමි කෙනෙක් ඔසප් වූ දින සිට 14 වන දිනය ආසන්නව (13,14,15) සංසර්ගයේ යෙදීමෙන් පිලිසිඳගැනීමේ සම්භාවිතාවය ඉහලයි.

ගැබ් ගැනීම -

ඔසප් චක්‍රය හා ඩිම්භරීකරණය පිලිබඳව තමන්ට හොඳ අවබෝධයක් ඇතුව මවක් වීමට සූදානම් වීම වැදගත්.ඒ වගේම ඊට පෙර folic acid පෙත්ත ගැනීම සුදුසු බව ⁣නිර්දේශිතයි.

සාමාන්‍යයෙන් ඩිම්බයක් නිකුත් වී පැය 24ක් සජීවීව තිබෙනවා. නමුත් ශුක්‍රාණුවකට දින 5ක ආයු කාලයක් තිබෙනවා. මේ කාලය තුල තමයි ඩිම්බයක් සංසේචනය වෙන්නෙ.

ඒ වගේම තමයි දිනපතා උදෑසන කාන්තාවකගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමෙන් ඩිම්බයක් පිටවන දිනය හඳුනාගත හැකිලු. සමාන්‍ය තරමට වඩා එක්වරම ශරීර උෂ්ණත්වය වෙනස් නව දිනය තුල උත්සහ කරන්න.

මේ සියල්ල අන්තර්ජාලයෙන් උපුටා ගැනීමක් බව සලකන්න. අද හුඟ දෙනෙක් පසුතැවෙන කාරණයක් තමයි මේ දරු ඵල ප්‍රමාදය. ඒ නිසා හැමෝටම වැදගත් වෙයි කියල හිතෙනවනම් මේක යාළුවන් අතරේ බෙදා හරින්නත් අමතක කරන්න එපා.

0 comments

Post a Comment

Trending

facebook