Popular Posts









ලොව විශාලතම සමාජජාලා වෙබ් අඩවියන් වන ෆේස්බුක්, ෆේස්බුක් මෙසෙන්ජර් සහ ඉන්ස්ටාග්‍රැම් සමාජ වෙබ් අඩවි ජාලාවන් ලොව පුරා රටවල් කිහිපයකට බිඳ වැටි තිබෙනවා. ඊයේ දින ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රීයේ පටන් මෙම සමාජජාලා බිඳ වැටීම සිදුවූ අතර මෙම බිඳ වැටීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා ෆේස්බුක් සමාගම විසින් නිළ  දැනුම් දීමක් සිදුකර නොමැත.

ෆේස්බුක්, ෆේස්බුක් මෙසෙන්ජර්, සහ ඉන්ස්ටාග්‍රැම් සමාජජාලා සියල්ලේ හිමිකාරීත්වය දරන්නේ ෆේස්බුක් සමාගම විසිනි.

ලොව පුරා සිදුවූ මෙම බිඳ වැටීම වැඩි වශයෙන් වාර්තා වන්නේ අමෙරිකාව, යුරෝපය, දකුණු අමෙරිකාව, මැදපෙරදිග සහ ආසියාවේ ඇතැම් රටවල් වලිනි. වෙබ් අඩවි වලට අමතරව ජංගම දුරකථන යෙදවුම් හරහාද මෙම සමාජජාලා වෙබ් අඩවි භාවිත කිරීමට නොහැකිව තිබෙන බවත් වාර්තා වේ. ශ්‍රී ලංකාවටද මෙම සමාජජාලා බිඳ වැටීම බළපා තිබේ.

මේ අතර ට්විටර් සමාජජාලය හරහා පණිවිඩයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම පවසන්නේ මෙම බිඳ වැටීමට හේතුව සයිබර් ප්‍රහාරයක් නොවන බවයි. මේ වන විට එම සේවාවන් ප්‍රතිස්ථාපනය කිරීමට ෆේස්බුක් සමාගම ක්‍රියා කරමින් සිටින බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

0 comments

Post a Comment

Trending

facebook