“ඔබ එය සාදන තෙක් එය ව්‍යාජ එකක්.” මේ ආදර්ශපාඨය ලොකයේම ධනවතුන් අතර ඉතාම ජනප්‍රියයි. මේ පාඨය ආත්ම විශ්වාසය ගොඩ නැගීමට, ධනාත්මක මානසිකත්වයක් නිර්මාණය කිරීමට වගෙම විවිධ කුසලතාවන් වර්ධනය කර ගැනීම සදහා අපේ ජීවිත වලටත් අදාල කර ගන්න පුලුවන්. මේ අනුව යමින් ධනවතුන් අනුගමනය කරන පොඩි දෙවල් ටිකක් තමයි අපි පහලින් විස්තර කරලා තියෙන්නේ.


1. අඩුවෙන් කතා කරන්න වැඩියෙන් සවන් දෙන්න.





ඔයා ඔයාගේ යාළුවෙක් එක්ක කතා කරනවා නම් මේ නීතිය ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ. නමුත් ජනතා අවශ්‍යතාවයක් වෙනුවෙන් කටයුතු කරනවා නම්, ව්‍යාපරික හමුවක සිටිනවා නම් අනිවාරෙන්ම මේ නීතිය මතක තියා ගන්න ඕනේ. ස්ටීව් ජොබ්ස් වරක් කියලා තියෙනවා “අපි දක්ෂ මිනිසුන්ව කුලියට ගෙන පසුව ඔවුන්ට කලයුතු දේ කියනවා නම් තේරුමක් නැහැ, වෙන්න ඕනේ දක්ෂ මිනිසුන් කුලියට ගෙන ඔවුන් අපිට කලයුතු දේ කීමයි.” කියලා. මිනිසුන් හැම විටම මුලින්ම තමන් අකමැති දේ හා වෙනස් කිරීමට කැමති දේ තමයි පවසන්නෙ. ඒ නිසා අපි හැමෝම දන්නා පරිදි සන්නිවේදනය යතුරක් හා ඇහුන්කම් දීම එහි කොටසක් වෙනවා.


2. කාර්යාලයෙන් එලියට යන්න.







ගනුදෙනුකරුවන්ට කතා කිරීම, සේවාලාභින්ට කතා කිරීම වගෙම විශේෂඥයන්ට කතා කිරීම වගේ දේවල් කාර්යාලයෙන් පිටතදි යොදා ගන්න. මෙය ඔබේ ඉදිරි දර්ශනය වෙනස් කිරීමට, ඔබේ දැනුම සහ ජාලය පුළුල් කරන්න විශිෂ්ට ක්‍රමයක් වෙනවා. මේසයක වාඩි වී ඔබට සියල්ල ඉගෙන ගත නොහැකියි. නමුත් අත්හදාබැලීම් මගින් ඔබට බොහෝ දේ ඉගෙන ගැනීමට හැකියාව තියෙනවා.




3. මිතුරන් ඥානවන්තව තෝරගන්න.






මේක ටිකක් අමාරුයි. නමුත් ඔයාට සාර්ථක වෙන්න අවශ්‍ය නම් ඔයා ලග ඉන්න මිතුරන්ව යලි ඇගයීමකට ලක් කරන්න. ඔවුන් ඔබට අවශ්‍ය ඉලක්කයට යාමට උපකාර කරනවාද නැතිනම් ඔබව සිටින තැනිනුත් පහලට ඇද දමන්න උත්සාහ කරනවාද කියලා ඔබෙන්ම අසා බලන්න. ඔබේ ඉලක්කය ධනවත් වීම නම් එයට උපකාර කල හැකි මිතුරන් සමග සබදතා පවත්වන්න.


4. නැවත්විය යුතු වේලාව දැනගන්න.






සීමාව ඉක්මවා වැඩ කිරීම, රාත්‍රි නිදිමරාගෙන වැඩ කිරීම වගෙම නිවසේ සිටම කම්මැලිකමේ වැඩම කිරීම ධනවත් මිනිසුන් අනුමත කරන්නේ නැහැ. ධනවත් පුද්ගලයන් දන්නවා ඔවුන්ගේ වෘත්තිමය කටයුතු අනිවාරෙන්ම පෞද්ගලික ජීවිතය හා නිවසේ කටයුතු වලින් වෙන් කල යුතුයි කියලා. වෙහෙසට පත් වීමට හා අකාර්යක්ෂම වීමට ඔබට අවශ්‍ය නැති නම්, අනිවාරෙන්ම නැවැත්විය යුතු වෙලාවේදි වැඩ නවත්වන්න.


5. ඉගෙන ගැනීම නතර නොකරන්න.





අපි ජීවත් වෙන මේ ලෝකය හැම වෙලාවකම වෙනස් වෙනවා. නව නිපැයුම්, නවෝත්පාදන සහ තාක්ෂණය සෑම දිනකම පාහේ අලුත් වෙනවා. ඒනිසා ඔබට සාර්ථක වෙන්න වගෙම ධනවත් වෙන්න වුවමනා නම් සෑම දිනකම සිදු වෙන දේවල් පිලිබද දැනුවත් විය යුතුයි. පොත් පත්, දේශන, වීඩියෝ නිතරම පරිහරනය මගින් ඔබට යාවත්කාලීන වීමට උපකාර කර ගන්න පුලුවන්.


6. මිල අධික වියදම්.





ධනවත් පුද්ගලයන් කිසිම විටක, බොහෝ සැලසුම් කල ඇදුම්, මිල අධික භාණ්ඩ, මිල අධික මෝටර් රථ වැනි සියලුම දේට අධික ලෙස මුදල් වියදම් කරන්නේ නැහැ. ඔවුන් මුදල් නාස්ති නොකරන අතර එම මුදල් ඔවුන්ගේ වැඩ සදහාම යොදා ගන්නවා. ආදායම් මත පදනම් වූ ව්‍යාපාර, ආයෝජන, ලාභාංශ හෝ දේපල වෙළඳාම් සදහා ධනවතුන් මුදල් වියදම් කරන අතර, ඉතිරිය පොදු සේවා කටයුතු සදහා වැය කරනවා. ඒවගෙම ඉතිරුම් ගිණුම් වල කොතරම් ඉහල මුදල් ප්‍රමානයක් තිබුනත් ඔවුන් හිතුමතේ එම මුදල් නාස්ති කරන්නේ නැහැ.



7. ඔබේ කාලය අගය කරන්න.





ඔයා සමාජ මාධ්‍ය වල වීඩියෝ නරඹන්න දවසින් කොයි තරම් කාලයක් වැය කරනවද? ඒක ඇත්තටම නිශ්ඵලයි කියලා ඔයාට කවදාවත් හිතිලා ඇද්ද? කොහොම වුනත් ඔයාට සාර්ථක වෙන්න වුවමනා නම් ජංගම දුරකථන තිරය ඉදිරිපිට ඔයා ගත කරන කාලය කපා දාන්න. ඒ වෙනුවට ඔයාට අනාගතයේදි ප්‍රයෝජනවත් වෙන කාර්යක නිරත වෙන්න. එය ඔයාගේ පෞද්ගලික සංවර්ධනයට උපකාර කරන, ඔයාගේ සෞඛ්‍ය යහපත් කරන හෝ ස්වේච්චා සේවයක් වෙන්න පුලුවන්.


8. සෑම දිනකම කියවන්න.




ධනවත් සාර්ථක පුද්ගලයන් රූපවාහිනිය නැරඹීම වෙනුවට තෝරා ගන්නේ කියවීමයි. ඇත්ත වශයෙන්ම 88%ක් ධනවත් පුද්ගලයන් දිනකට මිනිත්තු 30ක් කියවිම සදහා වැය කරනවා. එය ඔබේ දැනුම වැඩි කරන හෝ තොරතුරු දැන ගැනීමට හැකි වන හෝ ඕනෑම දෙයක් වෙන්න පුලුවන්. කියවීම මගින් ඔබට වඩා හොද විවෘත මනසකින් කටයුතු කිරීමට අවස්තාව උදා කරලා දෙනවා.



9. මුල් තැන ඔබට දෙන්න.






සෑම දිනකම ඔබේ ශරීරය වගෙම මනසත් සෞඛ්‍ය සම්පන්නව රැක ගැනීම ගොඩක් වැදගත්. ඔබ කැමති ක්‍රීඩාවක් කරන්න, ව්‍යායාම කරන්න, පවුලේ හිතවතුන් සමග කාලය ගත කරන්න නැතිනම් තනිව කාලය ගත කරන්න. මේ විදියේ ඔයාට නිදහසක් දැනෙන ඕනේම වැඩක නිරත වෙන්න. ඒවගේම නිරන්තරයෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න වගෙම වෛද්‍ය පරික්ෂණ වෙත යොමු වෙන්නත් අමතක කරන්න එපා.


10. සැලසුමක් තබා ගන්න.






දිනපොතක් ලියන්න පුරුදු වෙන්න. එහි ඔයාගේ කෙටිකාලීන අරමුණු වගෙම දිගු කාලීන අරමුණුත් සටහන් කරන්න. ඒ වගෙම ඔයාගේ දිනපතා සිතුවිලි, ජයග්‍රහන හා ඇදවැටීම් ගැනත් එහි සදහන් කරන්න. මෙවැනි සටහන් මගින් ඔබේ හිස නිදහස් කර අලුත් දේවල් සිතීමට මනසට ඉඩක් ලැබෙයි.


මේ දේවල් ටික ඔයාගේ යාළුවන්ටත් දැනුවත් වෙන්න share කරන්න. ඔයාගේ අදහසුත් අපිට කියන්න. සුභ දවසක්.

0 comments

Post a Comment

Trending

facebook