Popular Posts








ශ්‍රී ලංකාව කියන්නේ සොබාදහමේ විවිධ අලංකාර දේවල් වලින් වට වෙලා හැඩ වුනු රටක්.. වනන්තර වලින් වට වෙලා හැඩ වෙලා තියෙන අපේ රටේ ඒ ලස්සන තවත් වැඩි කරන සුන්දර වනාන්තරයක් තමයි විල්පත්තුව.

නමුත් මේ ලස්සන වනාන්තරය ගැන පහුගිය කාලය පුරාවට අපට අහ්න දකින්න ලැබුනේ හොඳ පුවත් නම් නෙමෙයි. මේ රටේ දේශපාලන අධිකාරියේ යම් යම් මැදිහත් වීම් එක්කම විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දැවන්ත වන සංහාරයක් සිදුවන බව පහුගිය කාලයේ දිගින් දිගටම අපට අහන්නද දකින්නට ලැබුනා..

මේ ගැන සමාජ මාධ්‍ය ජාලා හරහා තමයි අපට වැඩි වශයෙන් අහන්න දකින්න ලැබුනේ. කොහොම උනත් මේ වෙද්දි ආයෙත් මේ කාතාව ආයෙත් කරලියට ඇවිත් තියෙනවා.. ඒ විල්පත්තු භූමියෙන් අති විශාල ප්‍රමාණයක් සංහාරයට ලක් කරලා අවසන් වෙද්දී ලංකාවේ තවත් ජාතික වනෝද්‍යානයක් වන සිංහරාජ ජාතික වනෝද්‍යානයත් මේ මිනිසුන්ගේ ගොදුරක් බවට පත් වෙලා තිබීම.

මේ වෙද්දී සිංහරාජය වනාන්තරයත් ටිකෙන් ටික එලි කරමින් යන බව තමයි අපට ආරංචි උනේ.

පහුගිය දවස්වල උන මේ තත්වය යටතේ 2016 දෙසැම්බර් මස 30 දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් හමු වේ පැවසුවේ විල්පත්තුව අභය භූමියට අයත් වන ප්‍රදේශය තදුරටත් පුළුල් කරමින් දැනට වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ්‍රිත සියලුම වන බිම්ද ඇතුලත් වන පරිදි වනජීවී කලාපයක් ප්‍රකාශයට පත්කර ගැසට් මගින් ප්‍රසිද්ධ කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දුන්න බවය

ජනාධිපතිවරයා එසේ පැවසීමෙන් පසු මේ වන සංහාරය වැළැක්වීම සඳහා මහන්සි වූ සියලු දෙනා සැනසුම් සුසුම් හෙලුවේ යලිත් මෙම සංහාරය සිදු වන්නේ නැත යන්න සිතාය. එහෙත් වසර දෙකක් ගත වීමට පෙර යලිත් වන සංහාරය දැක්මට ලැබීම කණගාටුවට කරුණකි. ජනාධිපතිතුමා මා දන්නා පරිදි පරිසරයට ඉතා ඇලුම් කරන පුද්ගලයෙක්ය, මෙය ඔහුගේ අනුදැනුම මත සිදු වනවාද නැද්ද කියා මා නොදනී.

කෙසේ වෙතත් අප පිරිසිදු හුස්ම පොදක් ගන්නේ මෙම වනාන්තර වලට පිං සිද්ද වන්නය, රටේ තැනින් තැන වෙන වන සංහාරය දිගින් දිගටම සිදු වූවහොත් අනාගත පරපුරට හිමි වන්නේ ඉතා දුක්මුසු ඉරණමකි. එමෙන්ම ජෛව විවිධත්වයටද විශාල ලෙසින් හානි වෙයි.

සතුන්ට අයිති භූමී තුළ ඉදිකිරීම් කර සතුන් ඔවුන්ගේ පුරුදු වාසස්ථාන වලට පැමිණීමෙන් පසු මේ නොමිනිසුන් ඔවුන්වද එලවා දමයි.

ගරු ජනාධිපතිතුමනි ඔබ 2016.12.30 දින දුන් පොරොන්දුව අදාළ බළධාරීන් නිසි පරිදි ක්‍රියාත්මක නොකරයි. මෙය තව දුරටත් වර්ධනය වීමට පෙර ඔබගේ අවධානය යොමු කර මේ සංහාරය වැලැක්වීම සඳහා පියවර ගන්න, එයින් අපට අනාගත පරපුර කරන ශාපයෙන් හෝ වැළකිය හැක

විල්පත්තුව එක්ක සිංහරාජයත් මෙසේ අවසන් ගමන් යමින් සිටියදී ඉහල බලධාරීන් සියලුම දෙනා නිහඩව සිටින්නේ ඔවුන් එම සියලුම දේට ආධාර අනුබල ලබාදුන් බවට නිහඩ සාක්ෂි එක් කරමිනි..

මොහොතක් සිතන්න

අසන දකින සැම දිනකම වනාන්තරයේ වෙසෙන් සතුන් මිනිස් ගම් වලට පැමිණ කරන ජීවිත හා දේපල හානි ගැන අහන්න දකින්න ලැබෙයි…ඒත් අපිම ඒ සතුන්ගේ වාසස්ථාන බලෙන් අත්පත් කරගෙන අවසානයේ ඔවුනටම චෝදනා කිරීම හෝ දඩුවම් කිරීම සදාරණද?

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවලට අනුව නිදහසෙන් පසු 1956 වනවිට මෙරට වන ගහනය සියයට 44.1කි‍. 1992 වනවිට සියයට 24කි. 1999 වනවිට එම ප්‍රමාණය සියයට 20 දක්වා අඩු විය. 2011 වන විට සියයට 16.8කි. 1881 සිට 2011 වන විට වනගහනය සියයට 82 සිට සියයට 16 ට බැස්සුවේ බදුර්දීන් නොව විල්පත්තුව වෙනුවෙන් මොරදෙන ඔබ අපමය. ඔබ සැනසිල්ලේ ජිවත් වන නගරය හෝ ගම තනා ඇත්තේ මේ වන විනාසයට පින්සිදු වෙන්නටය. ඉතින් කාගේ කාගෙත් කිල්ලෝට වල හුණු යහමින් ඇති බව තේරුම්ගනු මානාවය.





0 comments

Post a Comment

Trending

facebook