ලොව පුරා තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රියව පවතින Tik Tok  සමාජ මාධ්‍ය ජාලයක් තහනම් කිරීමට සැරසෙන පුවතක් ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.  Tik Tok  සමාජ මාධ්‍ය ජාලය හරහා සංස්කෘතික වටිනාකම් දිගින් දිගටම විනාශයට පත්වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවයි එම මාධ්‍ය වැඩිදුරටත්  වාර්තා කර තිබුණේ.

දිගින් දිගටම සිදුවන එවැනි ක්‍රියා හේතුවෙන් මෙලෙස Tik Tok  සමාජ මාධ්‍ය ජාලය තහණම් කිරීමට සූදානම් වන බව පැවසෙන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයෙන්. මීට පෙරද සියදිවි හානි කරගැනීමේ අවධානමක් ඇතිවීම හේතුවෙන් බ්ලූවේල් ක්‍රීඩාවද තහනම් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර තිබුණා.

තමිල්නාඩුව ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අමාත්‍ය එම්. මානික්කනාදන් (M.Manikandan) ප්‍රකාශ කරන්නේ දමිල සංස්කෘතියට සම්බන්ධ කරුණු වලදී Tik Tok හරහා දැඩි හානියක් සිදුව ඇති බවයි.

මේ අතර ඉන්දුනීසියානු රජය විසින් 2018 ජූලි 3 වැනිදා ටික් ටොක් සදහා තහනමක් පනවනු ලැබුවා. ඒ ලිංගික දර්ශන සහ අවමන් කිරීම් ආදී දර්ශන ටික් ටොක් වීඩියෝ හරහා ජනප්‍රිය වීමත් සමඟයි. කෙසේ නමුත් ටික් ටොක් පරිපාලනය විසින් එවැනි අහිතකර අන්තර්ගතයන් ඉවත් කර සතියක් ඇතුළත නැවත ඇප් එක  විවෘත කිරීමට කටයුතු කරන තිබුනා

Tik Tok  සමාජ මාධ්‍ය ජාලය සමඟ මේ වන විට ලොව පුරා මිලියන 500ක සක්‍රිය ග්‍රාහකයන් පිරිසක් සිටිනවා.

0 comments

Post a Comment

Trending

facebook