සුලේඛා ගේ ඇඳුම් මාරු කරන ෆොටෝ ගත්තු අයට වැඩ වැරදෙයි ! PHOTOS













ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වන සුලේඛා ජයවර්ධන ඇඳුම් මාරු කරන අවස්ථාවේ ජංගම දුරකතනයකින් ඡායාරූප ලබා ගත්තා යැයි සක කෙරෙන සැකකරුවන් ගල්කිස්ස අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේදී තම වරද පිළිගෙන තිබෙනවා. ඒ අනුව ඔවුනට ගල්කිස්ස අතිරේක අධිකරණ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු වන ලෝචනි අබේවික්‍රම වීරසිංහ විසින් මාස තුනක කාලයක සිර දඬුවමක් සහ රුපියල් එක්දහස් පන්සියයක දඩ මුදලක් නියම කොට තිබෙනවා.

මොහොමඩ් අශාන් සුවහිර් නමැති මෙම සැකකරු සේවය කරන  දෙහිවල හීල් විදියේ අංක 121 පිහිටි ලෙවල් ෆීටස් නමැති නිමි ඇඳුම් සලට මෙම ටෙලි නිළිය පැමිණි අවස්ථාවේ ඇඳුමක් තෝරාගෙන එම තෝරාගත් ඇඳුම තමාට සරිලනවාදයි බැලීමට ඇඳුම් මාරු කරන කුටිය වෙතට ගිය පසු සැකකරු විසින් තම ජංගම දුරකථනය උපයෝගී කර ගනිමින් ඇය ඇඳුම් මාරු කරන ආකාරය වීඩියෝ ගත කොට තිබෙනවා.

පසුව එම ක්‍රියාව පිළිබඳව ටෙලි නිළිය විසින් දෙහිවල දෙහිවල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අදිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ දඬුවම් නියම කොට තිබෙනවා.






Post a Comment

0 Comments