ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර කැන්බරා ජාත්‍යන්තර ක්‍රීඩාංගනයෙහි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි අසීරුවකට පත් කරමින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන්, ඉතා සාර්ථක ලෙස ඉනිම ගොඩ නගනු ලැබුවා.

දිනය අවසන් වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 384ක් ලබා ගැන ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු නංවමින්, ජීවයක් වෙමින් මුල් පන්දු වාරයන්හි ලකුණු 28ක් තුල කඩුලු 3 ක් දවාගනු ලැබූවද, සිවුවන කඩුල්ල සඳහා ට්‍රැවිස් හෙඩ් සහ ජෝ බර්න් අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමින් ඕස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කිරීමට සමත්වූවා.

එහිදී ට්‍රැවිස් හෙඩ් අගනා ලකුණු 161ක් රැස් කරගත් අතර, ජෝ බර්න් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ කරමින් නොදැවී ලකුණු 172ක් ලබා ගැනීමට සමත් වූවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු විසින් කඩුලු 3ක් බිඳ හෙලනු ලැබූ අතර අනෙක් කඩුල්ල බිඳ හෙලනු ලැබුවේ නවක ක්‍රීඩක චාමික කරුණාරත්න විසිනි.







0 comments

Post a Comment

Trending

facebook