ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගය තුලින්ද ශ්‍රි ලංකාවට අත් වූයේ දරා ගත නොහැකි අන්ත පරාජයකි. මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් දැඩි ශෝකයටත් කම්පාවටත් පත්ව සිටීම දැකගත හැකි විය.

කෙසේ නමුත් අන්ත පරාජයකින් තරගය අවසන් වූ වහාම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් නම් පරාජය පිළිබඳව ලැජ්ජාවටත්, ශෝකයටත් පත් වනවා වෙනුවට ඉතා විනෝදයෙන් කාලය ගත කර තිබෙන බව පෙනී යාමට තිබුණි.. දින පහකට නියමිත වූ තරගය දින හතරකින් අවසන් වූ අතර ඉතිරි වූ අතිරේක දිනය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සාද සදහාත්, සාප්පු සවාරියේ යෑමටත් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

තරගය අවසන් වූ පසු රාත්‍රීයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට බොහෝ ස්ථාන වල සාද සංවිධානය කර තිබේ. මේ අතර ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේද සාදයක් සංවිධානය කර තිබේ. තවත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් විසින් ක්‍රීඩකයන්ට තවත් සාද සංවිධානය කර තිබූ අතර එම සාද මත්පැන් සාද වූ බවද ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

තරගය පරාජය වීමට පෙර දින රාත්‍රීයේද ක්‍රීඩකයන් ඇමති හ‍රීන් ප්‍රනාන්දු සමග රාත්‍රී අහාර සංග්‍රහයක නිරත විය.

ඉන්පසුව මෙම සාද අවසානයේ කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියානු රාත්‍රී සමාජ ශාලා වලට ගොස් විනෝද වී තිබෙන බවද සදහන්. ඇතැම් ක්‍රීඩකයන් තරගය වේලාසන පරාජය වී ඉතිරි වූ කාලය ගත කර තිබුනේ සිය බිරින්දෑවරුන්ට සහ පෙම්වතියන්ට අවශ්‍ය දේ ලබා ගැනීම සාප්පු සවාරියේ බවත් වාර්තා වේ.

ටෙස්ට් තරගයක් ජය ගත්තද පරාජය වූවද ක්‍රීඩකයන්ට රුපියල් ලක්ෂ හත හමාරක මුදලක්, කොන්ත්‍රාත්තු මුදලට අමතරව වැටුප් ගෙවීම විශේෂත්වයකි.






0 comments

Post a Comment

Trending

facebook