Popular Posts










ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2019 ලෝක කුසලානය සදහා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකයෙක් සොයා ප්‍රසිද්ධ දැන්වීමක් දමා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවියේ මෙම දැන්වීම පල කර තිබේ. මේ අනුව ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුමේ මුද්‍රණය කරනා ප්‍රධාන අනුග්‍රාහකයා ඇතුලු අනුග්‍රහකයන් ක්‍රිකට් ආයතනය විසින් සොයමින් සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මේ දිනවල දැඩිව විවේචනයට ලක්ව තිබෙනා අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් රසිකයන්ගෙන්ද ක්‍රිකට් කණ්ඩායමට සහ ක්‍රිකට් ආයතනයට එල්ලව ඇත්තේ දැඩි විවේචනයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ම මුදල් උදෙසා සහ නායකත්වය වැනි සාධක සදහාම තරග පරාජය කරවීමටම ක්‍රීඩා කරනවා යැයි චෝදනා එල්ල වී තිබෙනා අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පසුගිය දින එම චෝදනාව එල්ල කළේය.

මීට අමතරව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා කණ්ඩායම තුල ආගම්වාදය වපුරමින් ක්‍රීඩාව විනාශ කරමින් සිටිනා අතර තේරීම් කමිටුවේ සාමාජිකයන්ද ක්‍රීඩකයන් තේරීම සදහා අල්ලස් ලබා ගන්නා බවට චෝදනා එල්ලවී තිබේ. මෙම තත්වය උග්‍ර වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාටද ඇතැම් ක්‍රීඩකයන් අල්ලස් ලබා දී කණ්ඩායමට එක්වීමට සුදානම් වීමත් සමගයි. තවද ක්‍රිකට් බලධාරීන් සිය පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් මුදල් උදෙසාම ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරනා බවටද චෝදනා එල්ල වේ.

එවන් පසුබිමක ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පසුබෑමක සිටිනා අතර ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම හෝ නායකයා පවා තවමත් තෝරා ගෙන නොමැති වීම විශේෂත්වයකි.

එම දැන්වීම පහතින්,





0 comments

Post a Comment

Trending

facebook