Popular Posts












පෙබරවාරි 10 සිට පෙබරවාරි 16 දක්වා සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ විග්‍රහය.








මේෂ
බාධා මැද දියුණුව

ලග්නාධිපති කුජ ලග්නයේ ය. ගුරු 08ද රවි දහයේ දිග්බලයි. සිකුරු, ශනි භාග්‍ය ස්ථානයේය. මෙම පිහිටීම් තුළ තමාගේ කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා ඉස්මතු කළ හැකි නිසා තරමක් කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ ආදායම් ලබයි. ගෙදර දොර කටයුතුවලදී සමගිය සාමයට තද ලෙස බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. අධ්‍යාපන කටයුතුවල ‍යෙදෙන අයට නිර්මාණශීලී අදහස් පහ‍ළවේ. දක්ෂතාවයන් ඉස්මතු කරයි. උෂ්ණාධික රෝග ලේ දුෂ්‍යාබාධ බලපායි.

ශුභ වර්ණය - රතු ශුභ අංකය - 09 ශුභ දිනය - සඳුද




කටක
ක්‍රමයෙන් යහපත්ය

යෝග කාරක කුජ දහයේ එන යෝගයයි. ගුරු 5 වැන්නේ ය. ශනි 6 ද රාහු ලග්නයේ ද කේතු 7 ද ගෝචරය වේ. මෙම ග්‍රහ ගමන් සැලකීමේදී වෘත්තිය සහ රැකියා ක්ෂේත්‍රයේ දී ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. අන්‍යයන්ගේ සහයෝගය ක්‍රමයෙන් උදාකර ගනී. මිල මුදල් ලැබීම යහපත්.‍ අනවශ්‍ය වියදම් වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. බඩවැල ආශ්‍රිතව රෝග, උදරාශ්‍රිත පීඩා, ලේ දුෂ්‍යාබාධ යනාදියෙන් ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය - ක්‍රීම් පාට ශුභ අංකය - 2‍ ශුභ දිනය - සඳුදා





තුලා
කල්පනාකාරී වන්න

ලග්නාධිපති සිකුරු ශනි තුන් වැන්නේ ය. කුජ 7 ද රාහු 10 කේතු 4 ද සිටී.‍ මෙම ග්‍රහ චලිත‍යන් ගැන සැලකීමේදී තමාගේ එම කටයුතුවලට බාධා අවහිරතා එල්ල විය හැකි බැවින් කල්පනාකාරී විය යුතු ය. අන්‍යයන්ගේ සහයෝගය ඔබ බලාපොරොත්තු වන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂෙත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබාගනී. ගෙදර දොර කටයුතු මෙන් ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් අන්දමක දියුණුවක් ලබයි. ශරීර සෞඛ්‍යය ගැන විමසිලිමත් විය යුතුයි.

ශුභ වර්ණය - නිල් ශුභ අංකය - 06 ශුභ දිනය - සිකුරාදා








මකර
දියුණුව

ලග්නාධිපති ශනි 12 ද, ගුරු 11 ද, කේතු ලග්නයේද‍, රාහු 7 ද ගමන් ගනී. කෘෂිකාර්මික ක්ෂේත්‍රවල යෙදී සිටින අයට කිසියම් අන්දමක වාසිදායක තත්ත්වයක් උදා කරයි. වෘත්තීය සහ රැකී රක්ෂා ක්ෂේත්‍රයේ දී යම් යම් සුළු බාධා ඇති කළත් උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබනු ඇත. මිල මුදල් ලැබීම අතින් යහපත් ය. දරුවන්ගේ කටයුතු වල කිසියම් සාර්ථක ප්‍රථිපලයක් උදා කරගත හැක. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභ දායක ප්‍රතිඵල ලැබීමට ඉඩ පවතී. උෂ්ණාධික උදරාශ්‍රිත රෝග, ලේ දූෂ්‍ය‍ාබාධ, බඩවැල් ආශ්‍රිත රෝගාදියෙන් ද ප්‍රවේශම්වන්න.

ශුභ වර්ණය - නිල් ශුභ අංකය - 08 ශුභ දිනය - සෙනසුරාදා








වෘෂභ
ප්‍රමාදතා

ලග්නාධිපති සිකුරු යෝග කාරක සෙනසුරු අට වැන්නේ ය. අඟහරු 12 ද ගුරු හතේ ද සිටී. මෙම ග්‍රහ ගෝචරයන් ගැන සැලකීමේදී එතරම්ම යහපත් නොවේ. ගැටලුකාරී තත්ත්වයන් ප්‍රමාදතාවයන්ට ඉඩ පවතී. එම නිසා බුද්ධිමත්ව ද කල්පනාකාරීව ද ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. මිල මුදල් ලැබුණ ද වියදම් පක්ෂය පාලනය කර ගැනීම අසීරුයි. අන්‍යයන් සමඟ කටයුතු කිරීමේදී තරමක් සැලකිලිමත් විය යුතුයි. ගෙදර දොර කටයුතු මෙන්ම යුග දිවිය සම්බන්ධ කටයුතු කිසියම් සාර්ථකත්වයක් ලබයි. ඉගෙනීම්වලදී උනන්දු විය යුතු ය. ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේසම්වන්න. ලේ දුෂ්‍යාබාධ උෂ්ණාධික රෝග බලපායි.

ශුභ වර්ණය - නිල් ශුභ අංකය - 06 ශුභ දිනය - සිකුරාදා








සිංහ
මිශ්‍රඵලයි

ලග්නාධිපති රවි, කේතු 6 ද යෝග කාරක කුජ නම වැන්නේ ද ගුරු 4 ද රාහු 12 ගෝචරවේ. සෙනසුරු 5 වැන්නේ ගමන් ගනී. මෙම ශුභ ගෝචරයන් තුළ යම් යම් බාධා අවහිරතා ඉස්මතු වේ. එම නිසා ඉතාමත් උනන්දුවෙන් කැපවීමෙන් ද ක්‍රියා කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. මිල මුදල් ලැබීම අතින් ගුණදායක වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. වාසි ලැබේ. ගෙදර දොර කටයුතු මෙන් ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්වේ. සමගිය සාමය සුරක්ෂිතවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සුළු සුළු බාධා අවහිරතා මතු ‍කළ හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.‍

ශුභ වර්ණය - රතු ශුභ අංකය - 01‍ ශුභ දිනය - ඉරිදා







වෘශ්චික
ප්‍රමාදතා මැද දියුණුව

ලග්නාධිපති කුජ හය වැන්නේ ය. ගුරු ලග්න ගතයි. සිකුරු - ශනි ධනස්ථානයේ ද රාහු 9 ද කේතු 3 ද ගමන් ගනී. මෙම ග්‍රහගෝචර ගැන දැනගැනීමේදී තම කටයුතු කරගෙන යාමේදී විටින් විට බාධා අවහිරතා ගැටලු මතු කළ හැක. එම නිසා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි‍. මිල මුදල් ලැබීම අතින් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ගුණදායක වේ. ලාභ ප්‍රයෝජන ලැබේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ශ්‍රමයත් ධනයත් වැයවනු ඇත. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.

ශුභ වර්ණය - රතු ශුභ අංකය - 07‍ ශුභ දිනය - බ්‍රහස්පතින්දා







කුම්භ
යහපත්ය

ලග්නාධිපති ශනි අයස්ථානයේද, ගුරු 10 ද ගමන් ගනී. මෙම පිහිටීම තුළ, පවතින ග්‍රහ ගෝචරය ගැන සැලකීමේදී වෘත්තීය සහ රැකියා අංශය ගැන කිසියම් සාර්ථක දියුණුවක් ක්‍රමයෙන් උද්ගත කරගනී. අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු ලෙහෙසියෙන් ද පහසුවෙන් ද ඉටු කරගත හැක‍. මිල මුදල් ලැබීම අතින් යහපත් ය. ගෙදර දොර කටයුතු මෙන් ම යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යාමේදී වඩා වැඩි වැඩ කොටසක් කිරීමට සිදුවීම තුළ ශරීරයට තද ලෙස වෙහෙසක් දැනේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත්වන්න. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.

ශුභ වර්ණය - නිල් ශුභ අංකය - 06 ශුභ දිනය - සෙනසුරාදා








මිථුන
මිශ්‍ර ඵලයි

ලග්නාධිපති බුධ භාග්‍යස්ථානයේ ය. චන්ද්‍රයා දශ වැන්නේ ය. සිකුරු ශනි සත් වැන්නේ ද ගුරු 6 ගමන් කරයි. මෙම ග්‍රහ පිහිටීම් ගැන සැලකීමේදී තම කටයුතුවලට බාධා අවහිරතා මතු කළ හැකි නිසා තරමක් කල්පනාකාරී විය යුතුයි. වෘත්තීය සහ රැකී රක්ෂා කටයුතු වලදී ‍කල්පනාකාරී වන්න. මිල මුල් ලැබීම අතින් අයහපත් නොවේ. තමන්ගේ වියදමට සරිලන ආදායමක් ලැබේ. නොඑසේ නම් සමගියට සාමයට බාධා එල්ල විය හැක. දරුවන්ගේ කටයුතු යහපත්වේ. දියුණුවක් ලබයි. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. වෛරස් රෝග, බෝවන රෝග, විෂබීජ ඇතුළුවීම යනාදියෙන් ප්‍රවේසම් වන්න.

ශුභ වර්ණය - කොළ ශුභ අංකය - 05 ශුභ දිනය - බදාදා






කන්‍යා
සමඵලයි

ලග්නාධිපති බුධ හය වැන්නේ ය. සඳු 7, කුජ 8, රාහු 11, කේතු 5, ශනි 4 සිටී. මෙම ග්‍රහ ගෝචරයන් ගැන සැලකීමේදී ඔබ බලාපොරොත්තු වන තරමට කටයුතු සාර්ථක වන්නේ නැත. යම් යම් බාධා අවහිරතා ප්‍රමාදතාවයන්ට ඉඩ මතු කරයි. මිල මුදල් ලැබීමට ශුභයි. විවිධ අංශ‍යන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග පාදා ගත හැක. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් කල්පනාකාරී වන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයන් ඉගෙනීමට ඉඩ සැලසේ. රුධිර පීඩනය, ලේ සම්බන්ධ දෝෂ, වෛරස් රෝගාදියෙන් ප්‍රවේශම් විය යුතු ය.

ශුභ වර්ණය - කොළ ශුභ අංකය - 05 ශුභ දිනය - බදාදා








ධනු
බුද්ධිමත්වන්න

‍ලග්නාධිපති ගුරු 12 ගමන් කරයි. සෙනසුරු ලග්නයේ ද කේතු 2, රාහු අටේ ද වේ. මෙම ශුභ ගෝචරයන් සැලකීමේදී තම කටයුතු කරගෙන යාමේදී යම් යම් බාධා අවහිරතා ඉස්මතු වීම තුළ ඔබ බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතු වලදී ප්‍රධානීන් සමඟ කටයුතු කිරීමේදී සැලකිලිමත් වන්න. මිල මුදල් ලැබීම අතින් ශුභදායකයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් අවධියෙන් සිටිය යුතු වේ. අධ්‍යාපන ක්ෂේත්‍රවල නියුක්ත අයට කාර්මික සහ ඉංජිනේරු ක්ෂේත්‍රයන්ට අදාළ විෂයයන් තුළින් සාර්ථක ප්‍රතිඵල ලබයි.

ශුභ වර්ණය -රන්වන් ශුභ අංකය -03 ශුභ දිනය-බ්‍රහස්පතින්දා








මීන
ක්‍රමයෙන් ශුභයි

ලග්නාධිපති ගුරු භාග්‍ය ස්ථානයේ ය. සෙනසුරු 10 ද රාහු 5 කේතු 11 ද ගමන් කරයි. මෙම ග්‍රහ ගෝචරයන් සැලකීමේදී ප්‍රීතිමත් දුර බැහැර ගමන් වන්දනා ගමන් යාමට හැකිවේ. වෘත්තීය සහ රැකී රක්ෂා කටයුතු කරගෙන යාමේදී අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක කරගනී. මිල මුදල් ලැබීම අතින් ශුභයි. එහෙත් වචන පාවිච්චියේදී ප්‍රවේශම් වන්න. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ‍. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට යහපත් ය. උෂ්ණාධික රෝග ලේ දුෂ්‍යාබාධ සෙම් පීඩා බලපානු ඇත.

ශුභ වර්ණය -රන්වන් ශුභ අංකය -03 ශුභ දිනය -බ්‍රහස්පතින්දා

0 comments

Post a Comment

Trending

facebook