ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට











සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම  සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් ව තිබේ.

කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. තරගය දකුණු අප්‍රිකාවේ පෝට්එලිසෙබෙත් ක්‍රිඩාංගණයේදී පැවැත්විමට නියමිතයි.

මේ වනවිට ඔවුන් පන්දුවාර 4ක් අවසනයේ කිසිවෙකු නොදැවී ලකුණු 9 රැස්කර ගෙන සිටිනවා.

මේ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වර්නන් පිලෙන්ඩර් ද ආබාධයක් හේතුවෙන් අද තරගයෙන් ඉවත්ව තිබේ.

ඔහු වෙනුවට වියාන් මල්ඩර්  කණ්ඩායමට ඇතුළත්විමට නියමිතයි.

දකුණු අප්‍රිකා කාණ්ඩායම - Dean Elgar, Aiden Markram, Hashim Amla, Faf du Plessis (c), Temba Bavuma, Quinton de Kock (wk), Wiaan Mulder, Keshav Maharaj, Kagiso Rabada, Dale Steyn, Duanne Olivier

ශ්‍රී ලංකා කණ්ඩායම - Dimuth Karunaratne (c), Lahiru Thirimanne, Oshada Fernando, Kusal Mendis, Kusal Perera, Niroshan Dickwella (wk), Dhananjaya de Silva, Suranga Lakmal, Lasith Embuldeniya, Kasun Rajitha, Vishwa Fernando

Post a Comment

0 Comments