Popular Posts









විශ්ව ශක්ති පර්යේෂක ඉනෝකා අබේසුන්දර – අනුරාධපුරයේ තිබෙනවා රන්මසු උයන නමැති ජල උද්‍යානයක්. මෙය පිහිටා තිබෙන්නේ තිසාවැව සහ ඉසුරුමුණිය අතර ප‍්‍රදේශය තුළයි. රන්මසු උයනේ එක් තැනෙක තිබෙනවා අඩි දහයක් පමණ උස රවුම් ගල් ගෙඩියක් හා සමාන ගල් පර්වතයක්. මෙහි කොටා තිබෙනව විශාල චක‍්‍රයක්. ඒ චක‍්‍රය තුළ තවත් චක‍්‍රයක් සහ එය තුළ තවත් චක‍්‍රයක් යනාදී වශයෙන් චක‍්‍ර කිහිපයක්ම කොටා තිබෙනවා. මේ චක‍්‍රය මත සිරස් අතට සමාන්තර රේඛා කිහිපයක්ද තවත් සංකේත ගණනාවක් ද කොටා තිබෙනවා. මෙයට කියන්නේ සක්වල චක‍්‍රය කියලයි. අපේ චක‍්‍රාවටය සහ එහි තිබෙන සෞරග‍්‍රහ මණ්ඩල එකී සංකේත මගින් නියෝජනය වන බවට ඪස්ාසපසර නදඩ්කිනහ නමැති රුසියානු පර්යේෂකයා සඳහන් කරන බව මෙහි මතක්කර දිය යුතුයි. මේ චක‍්‍රයේ තිබෙනවා විශේෂත්වයක්. මෙය ඉදිරිපිටට ගිහින් එම චක‍්‍රය කෙරෙහි සිත ඒකාග‍්‍ර කරගෙන භාවනා කරන්නට පටන් ගත්තාම එක් අවස්ථාවක ගල මත කොටා ඇති සක්වළ චක‍්‍රය විවෘත වෙලා අපට විශ්වය තුළට ගමන් කිරීමට මඟ පෑදෙනවා.

අතීතයේ සිටි සමහර භික්‍ෂූන් වහන්සේලා විශ්වය හරහා ගමන් කර එහෙමත් නැත්නම් අත්නරීක්‍ෂ ගවේෂණය සිදුකර විශ්වය පිළිබඳ දැනුම ලබා ගන්නේ මෙන්න මේ සක්වල චක‍්‍රය හරහා ගමන් කර බවට පිළිගැනීමක් තිබෙනවා. භාවනාව හොඳින් ප‍්‍රගුණ කළ රහතන් වහන්සේ කෙනකුට නම් මේ චක‍්‍රය නැතිව තමන්ම භාවනා කර හිත එකඟ කරගෙන විශ්වය හරහා ගිහින් එහි තිබෙන ශක්ති කදම්භ සම්පේ‍්‍රක්‍ෂණය කරන්නට පුළුවන්.

ප‍්‍රශ්නය – මෙවැනි චක‍්‍රයකින් තොරව විශ්වය හරහා සිත ගෙන යන්නට ඔබට පුළුවන්ද?

විශ්ව ශක්ති පර්යේෂක ඉනෝකා අබේසුන්දර – ස්ථිර වශයෙන්ම පුළුවන්. මේ සඳහා මම ශක්තීන් කිහිපයක් පරිහරණය කරනවා. ඊට අමතරව ඔබේ හිතට එබී බලන්නටත් ඒ තුළ තැන්පත්ව තිබෙන දුක් කරදර හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමටත් මට පුළුවන්. ඔබේ සිතට එබී බලන්නට මා පරිහරණය කරන්නේ ටෙලිපති ක‍්‍රමයයි.

ප‍්‍රශ්නය – ටෙලිපති කියන්නේ බටහිර විද්‍යාවට අයත් සිද්ධාන්තයක් නේද?

විශ්ව ශක්ති පර්යේෂක ඉනෝකා අබේසුන්දර – Ttelepathy කියන්නේ ගී‍්‍රක වචනයක්. Tele කියන එකේ තේරුම ‘දුර’ යන්නයි. Pathy කියන්නේ හැඟීම හෝ අත්දැකීම කියන එකයි. මෙහි නවීන විද්‍යාත්මක අර්ථකථනය තමයි කිසිදු භෞතික මාධ්‍යයක් ප‍්‍රයෝජනයට ගන්නෙ නැතිව හිස් අවකාශය හරහා චිත්ත තරංග යැවීම. ඔබට පණිවුඩයක් දීමට මට අවශ්‍ය නම් එය දුරකථන ඇමතුමක් මගින් කරනවා වගේම චිත්ත තරංග මගිනුත් මට කරන්නට පුළුවන්. දුරකථන ඇමතුමට වැඩිය චිත්ත තරංග ඉතා ප‍්‍රබලයි. දුරකථන ඇමතුම ඇහෙන්නේ කනටයි. චිත්ත තරංගය කෙළින්ම ඔබේ යටි හිතටම ගමන් කරනවා. යටි හිතට ගමන් කර එහි තැන්පත් වෙනවා. එසේ තැන්පත් වන චිත්ත තරංග ඉතාම ප‍්‍රබලයි. කනට ඇහෙන පණිවුඩයට වඩා හිතට දැනෙන පණිවුඩය ඉතා ප‍්‍රබලයි.

එය මනසේ පතුලටම කිඳා බහිනවා. ස්ථිරසාර පණිවුඩයක් ලෙස පවතිනවා. හිතමු ඔබට දරුණු ලෙඩක් තිබෙනවා කියලා. එය සුවපත් කර ගැනීමට නම් ඔබේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් විය යුතුයි. සිත සවිමත් කර ගන්නට හැකිනම් ඒ මගින් ප‍්‍රතිශක්තිකරණ පද්ධතියත් සවිමත් කර ගන්නට පුුළුවන්. එසේනම් ටෙලිපති මාර්ගයෙන් චිත්ත තරංග මනසට යවා මනස සවිමත් කරන්නට පුළුවන්. මම ටෙලිපති මාර්ගයෙන් රෝගයක් සුව කරන විට මගේ මනස හරහා ඒ තරංග සියල්ල මගේ දකුණු අතට ලබා ගන්නවා. ඉන්පසු ඒ තරංග සමූහය ඔහුගේ හෝ ඇයගේ මනසට කාවද්දනවා. මෙය තරංග සම්පේ‍්‍රක්‍ෂණය කිරීමක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. එසේ තරංග යවන විට මගේ දකුණු අත සම්පූර්ණයෙන්ම සුදු පැහැයට හැරෙනවා. මා වෙත එන අයට මේ අත්දැකීම ලැබෙනවා.

ප‍්‍රශ්නය – ඔබ තවත් පාර්ශ්වයක් වෙත චිත්ත තරංග සම්පේ‍්‍රක්‍ෂණය කරන විට ඔබේ ශරීරයට කිසියම් වෙනසක් දැනෙනවාද?

විශ්ව ශක්ති පර්යේෂක ඉනෝකා අබේසුන්දර – විශාල වෙනසක් දැනෙනවා. මොකද, මම ටෙලිපති තරංග සමග විශ්ව ශක්තියත් මුදාහරිනවා. ඒ වගේ වෙලාවට මගේ ශරීරය තුළ අධික උණුසුමක් හටගන්නා බව මට දැනෙනවා. මගේ ඒ වෙනස මගෙන් ප‍්‍රතිකාර ලබාගන්නා රෝගියාටත් දැනෙනවා.

0 comments

Post a Comment

Trending

facebook