Popular Posts







පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතාගේ මෝටර් රථයට අනීතික යමක් දැමීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ලේකම්වරයෙකු තමන්ට දැනුම් දුන්බවට පවසමින් තරුණයෙකු පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මීගමුව ප්‍රදේශයේ පදිංචි අජිත් ලක්මාල් නැමැති තරුණයෙක් දිවුරුම් ප්‍රකාශයක් මගින් පොලිස් කොමිසමට මෙම පැමිණිල්ල සිදු කර තිබේ. මෙම දිවුරුම් ප්‍රකාශය මගින් ඔහු පැමිණිලි කර තිබෙන්නේ තමන් රැකියාවක් සදහා විදෙස් ගත වීමට සුදානම් වූ අවස්තාවේ තංගල්ල කොඨ්ඨාස භාර පොලිස් අධිකාරිවරයා විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ අමාත්‍යංශයේ තමන්ට රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වූ බවයි.

ඉන්පසුව තංගල්ල කොඨ්ඨාස භාර පොලිස් අධිකාරිවරයා තමන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වර‍යෙකු සමග සම්බන්ධ කළ බවත් එහිදි අමාත්‍යවරයාගේ ලේකම්වරයා ඩී.වි චානක මන්ත්‍රීවරයාගේ වාහනයට අනීතික යමක් දැමූ පසු තමන්ට නිවසක් සහ රැකියාවක් ලබා දීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ලේකම්වරයා පොරොන්දු වු බවයි.

කෙසේ වෙතත් එවැනි කටයුත්තකට තමන් එකග නොවූ නිසා මෙලෙසින් ඒ පිළිබඳව පැමිණිලි කළ බවත්, මෙම පැමිණිල්ල සිදු කිරීමට පැමිණෙන විට පොලීසිය විසින් දිගින් දිගටම බාධා කළ බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

0 comments

Post a Comment

Trending

facebook