Popular Posts








රටම හඳුනන ආදරය හිමි සංගීත කණ්ඩායමක් වන සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට පසුගියදා අමිහිරි සිදුවීමකට මුහුණ දීමට සිදු වූවා.

ඒ පසුගිය 12 වනදා ගණේමුල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකදී නැවතත් ඔවුන්ට ප්‍රේක්ෂකයන් විසින් පහර දීමකට ලක් වී තිබීමයි. ගණේමුල්ල ප්‍රදේශයේ පවතී මෙම සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි කිහිප දෙනෙකු විසින් මෙසේ මොවුන් හට ගල් ප්‍රහාර එල්ල කොට තිබෙනවා.

එම ප්‍රහාරය හේතුවෙන් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී හසිත කෝකිල ගේ හිසට තුවාල වීම නිසා ඔහු රාගම  කොට තිබෙනවා.

එම ප්‍රදේශයේ අයෙකුට ගීත ගායනය කිරීමට අවස්තාව ලබා නොදුන් නොදුන් සංවිධායකයන් හා උරණ වූ ප්‍රේක්ෂකයන් විසින් මෙසේ පහර දී  තිබෙන බවයි මෙහි හේතුව ලෙස සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම පවසා සිටියේ නැවතත් තම කණ්ඩායම සමග ප්‍රේක්ෂකයන්ට ගීත ගායනයට ඉඩ නොතබන බවයි.

තවද මෙම සිදුවීමෙන් පසුව සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පියාව රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ජනප්‍රිය ගායක චාමර වීරසිංහ බවද වාර්තාවනවා. ඔහුගේ ඒ වන විට තිබු ප්‍රසංගයක් නවතා මෙසේ මොහුව රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එම සිදු වීමට ස්තූතිවන්ත වෙමින් හසිත කෝකිල විසින් සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබෙනවා.

" 2019.02.12 දින ජීවිතයේ අමිහිරිම අත්දැකීමට මුහුණ දීමට සිදුවීම ගැන කණගාටු වෙමි. වරද කාගේද යන්න මා හරියට දන්නේ නැත. මා කිසිවෙකුටත් වෙර කරන්නේද නැත. පලිගැනීමක්ද කිසිසේත් නැත. මම අදහන දෙවියන්වහන්සේ ජේසුස් වහන්සේ පමණක් විශ්වාස කරමි.! මෙම අනතුර සිදුවූ අවස්තාවේ මා රෝහලට රැගෙන යාමට කිසිවෙකුත් ඉදිරිපතවූයේ නැත කිසිවෙකු වාහනයක් දුන්නේද නතර කලේද නැත. විශේෂයෙන්ම ගායන ශිල්පී "චාමර වීරසිංහ" අයය ඔබ එම අවස්තාවෙ කිසිවක් නොබල මා වාහනයට දාගෙන ඉතා ඉක්මනින් මා රාගම රෝහල වෙත රැගෙන ගියා. එතන් සිට ඔබ මා සමග ලගින් රැදී සිටියා ඔබගේ ප්‍රසංගයේ මුදල්වත් කිසිවක් ඔබ සිතුවේ නැත. ඉන් පසු යාමට තිබූ ප්‍රසංගයටද ගියේ නැත. මා රෝහලෙන් පිටවී යනතෙක්ම ඔබ මා සමග සිටීම මට මහත් සතුටක් මෙන්ම ඔබට ඒ සැමදේටම අනේකවාරයක් පින්...! කවුරැ මොන දේ කීවත් ඔබ හදවතේ ගායකයා ලෙස ඔබට මේ තරම් මිනිසුන් ආදරය කරන්නේ මේ මනුස්සකම නිසාවෙනි.. එම අවස්තාවේ සිට මේ දක්වා මාගෙ සුවදුක් සොයා බැලූ ඔබ සැමටම අනේකවාරයක් පින්..! මෙම සිදුවීම සිදු වූ පළමු සහ අවසාන පුද්ගලයා මම නොවෙමි.. අප ජීවත්වන්නේ ඉතා කෙටි කාලයකි. මේ සසර පුරාවට කොපමන වාරයක් අපි ඉපදී මියගොස් ඇත්ද.? එම නිසා පව් කිරීමට පෙර දෙපාරක් සිතන්න. අපගේ පොඩි හැකියාවෙන් වාදනයෙන් ගායනයෙන් ඔබ සතුටට පත්වූයේ නැතිනම් ඔබට හරිහැටි රසයක් ලබාදීමට නොහැකිවුවානම් අපි කණගාටුවන්නෙමු..! සංගීතය සමග දරැණු මත්ද්‍රවය පටලවාගැනීමෙන් වලකින්න. එයින් ඔබට ඉතිරිවන්නේ විකුර්ති වූ මනසක් පමණි. ඔබව සතුටු කිරිමට මේ සේවය ඉටු කලද, අවසානයේ අපිට දුක,වේදනාව,ලේ,කදුලු,කලකිරීමක් පමණක්ම වීම හිතට ඉමහත් වේදනාවකි.... මෙතුවක්දුර අපිව දුරිමත් කරන ආදරය කරන සහ ගල්මුල් එල්ල කරන ඔබ සැමටද අනේකවාරයක් පින්....!! හසිත කෝකිල(සහරා ෆ්ලෑශ්) "

එම ෆේස්බුක් සටහන පහතින්..










එම අවස්ථාවේ සිදුවූ සිදුවීමේ වීඩියෝව පහතින්..





0 comments

Post a Comment

Trending

facebook