Popular Posts









බැදුම්කර වංචාවට හසුව තම අමාත්‍යධූරය පවා අහිමි වී සිට පසුව විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය හිමිවූ රවී කරුණානායක විසින් සිය සුපුරුදු හොරා කෑමේ ක්‍රියාදාමය යළි ආරම්භ කර තිබෙනවා.

පසුගිය සමයේ දැඩි ලෙස කතාබහට ලක්වූ කෙරවලපිටිය මෙගාවොට් 350 ස්වාභාවික වායු බලාගාරය ඉදිකිරීම සම්බන්ධ ටෙන්ඩරය නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව චීනයට ලබාදීමට ඊයේ (12) දිනයේදී ඔහු විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කල අතර අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ විරුද්ධත්වය පළවුවත් බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත එම යෝජනාව සම්මත වී තිබේ.

ටෙන්ඩරය සදහා අවම මිල ඉදිරිපත් කල දේශීය සමාගම ඉන් ඉවත් කර වැඩි මිලක් ඉදිරිපත් කල චීන සමාගමට මෙම ටෙන්ඩරය ලබාදීම සදහා අමාත්‍ය රවී කරුණානායක සහ අමාත්‍යංශ ලේකම් බී,.එම්.එස් බටගොඩ විසින් විශාල උත්සාහයක් ගනු ලැබූ අතර අවසානයේ ඔවුන් ජයග්‍රහණය කර තිබේ.
ඒ අනුව මීළඟ වසර 20 තුලදී රටට සිදුවන පාඩුව රුපියල් මිලියන 75,000 – 90,000 අතර තරම් වන බව බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ මතය වී ඇත.

අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩ සමඟ එක්ව රවී කරුණානායක විසින් මෙලෙස තවත් ටෙන්ඩර් වංචාවන් රැසක් සිදුකිරීම සදහා සැළසුම් සකස් කරමින් සිටින බවයි අනාවරණය වී තිබෙන්නේ.

නොරොච්චෝලේ බලාගාරය සදහා ගල් අගුරු මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය නිසි පටිපාටියෙන් බැහැරව රුසියානු සමාගමක් වෙත ලබාදීම හරහා රුපියල් මිලියන 6000ක අලාභයක්ද, ඇග්‍රිකෝ නමැති සමාගමකින් හදිසි විදුලිය මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 20ක් හෙවත් රුපියල් මිලියන 20,000ක්ද රටට අහිමි කරමින් රුපියල් කෝටි 300ක පමණ කොමිස් මුදලක් ඉපයීම අමාත්‍ය රවී කරුණානායකගේ අරමුණ වී ඇත.

බැදුම්කර වංචාවෙන් උපයාගනු ලැබූ කොමිස් මුදල් වලින් රවී කරුණානායක මහතා කොළඹ සුපිරි පංතියේ තට්ටු නිවාසයක් මිළදී ගත් බව එම වංචාව පිළිබඳව විමර්ශණ සිදුකල ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වූ අතර පසුව ඔහුට එවකට දරමින් සිටි මුදල් අමාත්‍යධූරය පවා අහිමි වූවා.

වසර ගණනාවක් පුරා විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයට යහපාලනය සදහා හිමිවූ ජනවරම විනාශ කරමින් ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක්කල ප්‍රධානම පාර්ශවය ලෙස හැදින්වෙන්නේ රවී කරුණානායක යි.

0 comments

Post a Comment

Trending

facebook