මම හැමදාමත් උයන්නෙ ඔලිව් තෙල් වලින්.ඔලිව් තෙල් වලට සම කරන්න තෙල් එකක් නෑති තරම්.එත් ඔලිව තෙල් වර්ග තියෙනවා එකක් අමුවෙන් කන එක අනික උයන්න ගන්න එක අමුවෙන් කන එක උයන්න ගන්න හොද නෑ රත් කරද්දි විස වෙනවා …extra vargin olive oil අමුවෙන් කන්නෙ..අනිත් එක pure olive oil කියන එක උයන්න ගන්නෙ…..
එකක් තමයි ලේබල් එකේ DOP කියන අකුරු තියෙනවද කියලා බලන්න. එකෙන් අදහහස් කරන්නේ “Denominazione di Origine Protetta”. මෙමගින් ඒ අඩංගු දේවල් වල ප්‍රමිතිය සහතික කරලා තියෙනවා.

අනික් එක තමයි ඒ ඔලිව් තෙල් එකේ තියෙන ඇසිඩ් ගතිය. එම ඇසිඩ් ගතිය මත තමයි තීරණය කරන්නේ එක ආහාරයට එකතු කරගන්න හොඳද නැද්ද කියන එක. ඒක ඒ බෝතලයේ ගහලා තියෙනවා.

බෝතලේ අතට අරගෙන බලන්න මෙතන තියෙන ලිස්ට් එකෙන් මොකද්ද ඒ බෝතලේ ගහලා තියෙන්නේ කියලා…

Olio extravergine di oliva – තෙල් පෙරලා තියෙන්නේ මැසින් වලින්. කෑමට ගන්න පුළුවන්. ඇසිඩ් ගතිය උපරිම 0,8%.

Olio di oliva vergine – තෙල් පෙරලා තියෙන්නේ මැසින් වලින්. කෑමට ගන්න පුළුවන්. ඇසිඩ් ගතිය උපරිම 2,0%

Olio di oliva lampante – කෑමට ගන්න බැහැ. ඇසිඩ් ගතිය 2,0% වඩා වැඩියි.

Olio di oliva raffinato – පළමුව රසායනික ද්‍රව්‍ය වලින් පිරිපහදු කර දෙවනුව සාමාන්‍ය ක්‍රමයට පෙරීම. ඇසිඩ් ගතිය උපරිම 0,3%.

Olio di oliva composto di oli di oliva raffinati e oli di oliva vergini – පිරිපහදුවේ උපරිමයටම සිදුකර ඇසිඩ් අගය උපරිම 1,0% ටත් වඩා අඩුයි.


තව දෙයක් කියන්න ඔනෙ දැන් classico කියලා අැවිත් තියනවා extra vagin oil එකක් එක උයන්න හොදයි කියලා තමයි කියන්නේ මාත් මෙ දවස් වල පාවිච්චියට ගන්නෙ එක ..

බබාලට කැම කවද්දී ඔලිව තෙල් හැන්දක් දාලා කවලා පුරුදු කරන්න.සමට අමුතුවෙන් එක එක ඒවා කරන්න ඕනේ නැති වෙයි. අනික බබාව නාවන දවසට හොදට ඔලිව ඔයිල් ගාලා තියලා නාවන්න.

ඉස්සර හැමදාම උදේට කහ ඔලිව තෙල් මි පැණි හැදී දෙකක් බිවුවා. ඒකෙන සම ගොඩක් පැහැපත් වෙනවා මගේ කකුල් පැලුන එකත් හොදටම හොද උනා

ඔලිව් තෙල් කෙස් වල ආතතිය පවත්වාගෙන යාමට උපකාර වනවා. මේ නිසා කෙස් කැඩී යාම් වලකිනවා. මේ නිසා ඔලිව් තෙල් මගින් හිසකෙස් පෝෂණය වනවා මෙන්ම වියළි යාමෙන්ද වලකිනවා.

මෙ හැම එකක්ම අපි බාවිතයට ගන්නෙ නෑ එ නිසා අපිට අවශ්‍ය දෙකෙ පින්තූර මන් අන්තර්ජාලයෙන් ගත්තා දැන් ඔයාලාට ලෙසි මෙ දෙක ලෙසියෙන් අදුන ගන්න….

ආහාරයට ඔලිව් තෙල් එකතු කර ගන්නා පුද්ගලයන්ගේ හදවත් රෝග, දියවැඩියාව, පිළිකා හා ඇදුම වැළදීමට ඇති අවධානම ඉතා අඩු බව සොයාගෙන තිබෙනවා.

සිරුරේ අහිත කර කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අඩුකරමින් හිතකර කොලෙස්ටරෝල් වැඩිකිරීමට ඔලිව් තෙල් වලට ඇත්තේ අරුම පුදුම හැකියාවක්.

බොහෝ තෙල් වර්ග ශරීරයට අහිතකර නිසාම බොහාේමයක් ලෙඩරෝග වලදී තෙල් ආහාර වලින් වලකින ලෙස කියා සිටියත් ඔලිව් තෙල් ඒ වෙනුවට හොදම ආදේශකයක් ලෙස යොදාගන්න පුළුවන්.

පිරිසිදු කල ඔලිව් තෙල් වලට වඩා පිරිසිදු නොකල ඔලිව් තෙල් ගුණයෙන් ඉහළයි. එහි අඩංගු රසායනික ද්‍රව්‍ය බඩවැල් ආශි‍්‍රත පිළිකා, පියයුරු පිළිකා ඇතුලු පිළිකා ගණනාවකට ආරක්ෂාව සලසනවා.

රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට වගේම හෘද රෝග අවධානම අඩුකිරීමටත් ඔලිව් තෙල් වලට පුළුවන්. ඇදුම, ආතරයිටීස් වැනි ප‍්‍රදාහ තත්ත්වයන් පාලනය කිරීමට මෙන්ම ඔස්ටියෝපොරෝසීස් අවදානම අඩුකිරීමටත් ඔලිව් තෙල් වඩ අඩංගු සංයෝග වලට හැකි බව පරීක්ෂණ වලින් ඔප්පු වී තිබෙනවා.

ඔලිව් තෙල් කියන්නේ ඉතා පහසුවෙන් ජීර්ණය වෙන තෙල් වර්ගයක්. මේ නිසා ඔලිව් තෙල් වලින් පිසගත් ආහාර ගැනීමෙන් බඩ පුරවා දැමීම වැනි අපහසු තත්ත්ව ඇතිවන්නේද නැහැ. ඉතිං පොල්තෙල්, එළවළු තෙල් වෙනුවට ආහාරයට ඔලිව් තෙල් යොදාගැනීම වඩාත් සෞඛ්‍යාරක්ෂිත වනවා.

0 comments

Post a Comment

Trending

facebook