දකුණු අප්‍රිකාව සමග හෙට (21) පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා කුසල් මෙන්ඩිස්ගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබෙනවා. ඒ පුහුණුවීම් අතරතුර ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. කුසල් මෙන්ඩිස් වෙනුවට හෙට තරගය සඳහා ඇන්ජලෝ පෙරේරා කැදවනු ඇති බවයි වාර්තා වන්නේ. පෝර්ට්එලිසබත් හි හෙට පැවත්වෙන තරගයේදී ඇන්ජලෝ පෙරේරා ටෙස්ට් වරම් හිමිවුවහොත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 151 වැනි ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වනු ඇති.

එසේම දකුණු අප්‍රිකාව සමග පළමු ටෙස්ට් තරගය ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජය සැමරූ අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වීම ආන්දෝලනයට තුඩු දුන්නා. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිය නිළ ඇදුමෙන් සැරසී මත්පැන් පානය කරන අයුරුද, ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක් අසභ්‍ය වචන පවසමින් සිටිනා අයුරුද දැක ගැනීමට හැකි විය. මෙම වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමත් සමග දැඩි ආන්දෝලනයට තුඩු දුන් අතර රසිකයන් අතරද දැඩි කතාබහට ලක්වුනා. මේ වනවිට මෙම වීඩියෝව පිළිබඳ තවත් තොරතුරු හෙළිව තිබේ. මේ පිළිබඳව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම වීඩියෝව සමාජජාලා මාධ්‍යයන්ට නිකුත් කිරීමටම ක්‍රීඩකයන් විසින් සකස් කර තිබෙනා බවයි. එයට හේතු වී තිබෙන්නේ පුහුණුකරු චන්දික හතුරුසිංහගේ සේවා කාලය දිගු කර ගැනීම බවද වාර්තා වේ. පුහුණුකරු චන්දික හතුරුසිංහට අතිශය සමිප යොවුන් මුල් පෙළ පිතිකරුවෙක් සහ කඩුලු රකින ක්‍රීඩකයෙක් විසින් ඒ සදහා පෙරමුණ ගෙන තිබෙන බවද වාර්තා වේ

0 comments

Post a Comment

Trending

facebook