Popular Posts










මිනිස් මොළය පිළිබඳව ඔබ නොදත් බිහිසුණු තතු කිහිපයක් පහත වේ.මොළය යනු ශරීරයේ ඇති වැදගත්ම අවයවයයි.එබැවින් ඒ පිළිබඳව මනා දැනුමකින් යුතු වීම ඉතා අගනේය.






1. ඔබගේ ශරීරය තුල ඇති ස්නායු ඔවුන්වම ආහාරයට ගනී.

ශරීරයේ සම්පුර්ණ බරෙන් 2% මොළය සඳහා වෙන්වෙන බව ඔබ දන්නවද?ඒ වගේම ශරීරයට ලැබෙන සම්පුර්ණ ශක්තියෙන් 25%ක්ම ලබාගන්නේ මොළය විසිනි.මොලයේ ඇති බිලියන ප්‍රමාණයක් වූ ස්නායු සඳහා නියත ශක්ති ප්‍රදානයක් අවශ්‍ය අතර එලෙස ශක්තිය නියතව මොලයට නොලැබෙන විට ස්නායු විසින් තමන්වම ආහාරයට ගැනීමට පෙළඹෙයි.ඔබගේ බඩට බඩගිනි දැනෙනවා වගේම ස්නායු වලටද තදින්ම ශක්තිය අවශ්‍ය වේ.ආහාර වලින් ලැබෙන ශක්තිය පරිබෝජනය කිරීමට බලා සිටින ස්නායු වලට ආහාර නොගැනීම හේතුවෙන් ශක්තිය නොලැබෙන විට ඔවුන් තමන්ගේම කොටස් ආහාරයට ගැනීමට පෙලබෙයි.මෙම ක්‍රියාවලිය “කැණිබලිසම්” නමින් හඳුන්වන අතර ඔබව ආහාර ගැනීමට පොළඹවන ක්‍රියාවලියේ කොටසක් ලෙස මෙය දැක්විය හැකියි.අධික ලෙස ආහාර පාලනය කිරීම(ආහාර නොගෙන සිටීම)මගින් ඔබට නිරෝගී මොළයක් ලබාගැනීම සිහිනයක්ම වනු ඇත.







2.අවසානයක් නොමැති සිතුවිලි පාලනය නොකලොත් මොලය විසින් ඔබව සීමාවක් නොපෙනෙන ගැටළු ජාලාවක සිර කරනු ඇත.

දින කිහිපයක් පුරාවටම ඔබේ ඔලුවේ ගීතයක කොටසක් හෝ තාල මාලාවක කොටසක්,ඉතිරි කොටස මතක නැතුව සිර වී තිබෙනවාද? විද්‍යාඥයන් විසින් මෙම සංසිද්ධිය “ඉයර්වොර්ම්”ලෙස හඳුන්වන අතර ඔවුන් පවසන්නේ අපගේ මොලය සිතා අවසන් නොවුණු සිතුවිලි වලට අකමැති බවත් සැමවිටක පටන්ගත් කාර්යක් අවසන් වනතෙක් සිදු කිරීමට ඔබව පෙලඹන බවයි.අප සම්පුර්නයෙන්ම නොදන්නා ගීයක උවද දන්නා පද කිහිපවරක් අපට නොදැනුවත්වම නැවත නැවත කීමට අපව පොළඹවන්නේ මොළය විසිනි.එමගින් ගීතය අප විසින් සම්පුර්ණයෙන් අනුස්මරණය කරගනිමින් ගයනා කරනු ඇතැයි මොළය විශ්වාස කරයි.සම්පුර්ණ ලෙස නොදන්නා ගීත සොයාගෙන අසන්නට අප පෙළඹෙනුයේ මේ නිසාවෙනි. කිහිපවරක් එකම දෙය මුමුණන විට ,එකම දෙය ගැන සිතන විට එය ඔබට හුරු දෙයක් නැත්තම් සමීප දෙයක් බවට පත්වන්නේත් මොළයෙහි ක්‍රියාකාරිත්වය නිසාවෙනි.එසේ හුරු වීමෙන් පසුව එය සම්පුර්ණ ලෙස අවසන් කල සිතුවිල්ලක් ලෙස මනසට ඇතුල්වී මානසික තෘප්තිය කියන්නාවූ සංකල්පය සිත තුල ඇතිවේ.








3.වැඩි නින්ද ඔබගේ මොළයට හානි පමුණවයි

නින්ද වැඩි බව මෙන්ම නින්ද අඩු වීම මොලයට අහිතකර බලපෑම් ඇතිකරන අතර අවදිවී සිටින කාලයට වඩා නින්දේදී මොළයෙහි ක්‍රියාකාරිත්වය වැඩිවේ.එබැවින් වැඩි වෙලා නිදා ගැනීමෙන් අනවශ්‍ය වෙහෙසවන මොළයෙහි ආයු කාලය අඩුවෙයි.එයින් කියවෙන්නේ ඔබ විසින් නින්ද අඩු කලයුතු බව නොවේ.දිනකට පැය 6ත් 8ත් අතර කාලයක් මිනිසෙකු විසින් නිදාගත යුතු අතර වැඩි වෙලා නිදාගැනීම නිසාවෙන් ඔබට අසමතුලිත,අසීරු බවක් දැනෙන්නේ මොළය අධික විඩාවෙන් සිටින නිසාවෙනි.මත්වූ විට හා අධික නින්දක් ලැබූ විට ඔබගේ තත්වය තෙරුන් ගැනීමට අපහසුවෙන් වික්ෂිප්ත වූ මනස විසින් ඔබව නින්දත් නොනින්දත් අතර තත්වයකට පත් කරයි.දිගින් දිගටම මෙලෙස සිදුවීම ඉතාමත් භයානක තත්වයක් වන අතර මානසික සහනයක් අවශ්‍ය නම් මත්ද්‍රව්‍ය භාවිතය මෙන්ම අධික ලෙස නිදා ගැනීමද ඔබ විසින් නතර කල යුතුයි.







4. ඔබේ ඇසින් දකින දේ සත්‍ය නොවේ.

ඔබේ ඇසින් දකිනා දේ සත්‍ය නොවේ.මෙසේ කියන විට ඔබේ සිතට අත්භූත හැඟීමක් දැනෙනවා නේද?දකින දේ ඇත්ත නොවේ නම් අප මේ දකින්නේ මොනවද?අපේ ඇසේ රෙටීනාව නැත්තම් දෘෂ්ටි විතානය මතට අප විසින් දකින දෙයක ආලෝකය ද්විමානව පතිත වන අතර මොළය විසින් අප දුටුව දේ නිවැරදිව වටහා ගෙන එය ත්‍රිමාණ රුවකට පරිවර්තනය කල යුතුයි.එබැවින් අප දකිනා දේ නිවැරදිම දේ නොවෙයි මොලය විසින් හඳුනාගන්නා දෙයයි.
දෘෂ්ටිය යනු මිනිසාට දැනෙන බල සම්පන්නම සංවේදනය වන අතර මෙයද මොළය විසින් පාලනය කරනු ලබයි.එබැවින් දකින සැමදේම ඇත්ත නොවේ යන කියමන සත්‍යක් කරමින් අප මේ උත්සහ කරන්නේ මනස විසින් අපට රැවටිය හැකි බවයි.






5. වේදනාව යනු හුදෙක්ම මිථ්‍යාවකි

මොළයෙහි වේදනා ප්‍රතිග්‍රාහක නොමැත.වෛද්‍යවරුන් විසින් මොළයෙහි සැත්කම් සිදු කරන විට රෝගියාව සිහිමුර්ජා නොකරන්නේ මේ නිසාවෙනි.වේදනාව යනු හුදෙක්ම ජිවිතයේ ආරක්ෂාව සඳහා ප්‍රයෝජනය වීම පිණිස මොලය විසින් සිදු කරනාවූ සන්නිවේදනයකි.වේදනාවක් දැනුනේ නැත්තම් කිසිදු පැකිලීමකින් තොරව ජීවිතය අනතුරේ දමා කටයුතු කිරීමට අප පෙළඹෙනු නියතය.වේදනාව මොලය විසින් ශරීරයේ අනිකුත් සෑම අංගයක් වෙතම ලබාදුන්නත් මොලය මෙම බලවේගයෙන් ඈත්ව සිටියි.වේදනාව යනු මොළය විසින් ඇති කරන තත්වයක්ම පමණක් වන අතර සිත දියුණු කිරීම මගින් වේදනාව කියන කරුණ අපෙන් ඈත් කර ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත.






6.මහත් සේ බියට පත්වූ විට කාම ආශාව දැඩිවේ

ඔබ අතිශයින්ම බියට පත්වූ විටක මොලය විසින් “ඩොපමින්” යන ස්නායුසම්ප්‍රේෂකය මුදාහරින අතර එමගින් ඔබගේ කාමාශාව උද්දීපනය කෙරේ.ශරීරයේ ඩොපමින් ප්‍රමාණය ඉහල යන විට ගැහැණු පිරිමි දෙපාර්ශවේම ශරීරයේ ඇති ලිංගික ආශාව වර්ධනය කිරීම සඳහා ඉවහල් වන ටෙස්ටොස්ටෙරෝන් හොර්මනය ක්‍රියාත්මක වීම ආරම්භ වේ.ඔබ විසින් ඉතාම සංවේගී,හැඟීම්බර අවස්ථාවන්ට මුහුනදිමෙන්ද මොලය විසින් ඩොපමින් මුදා හැරීමට කටයුතු කරයි.

0 comments

Post a Comment

Trending

facebook