Popular Posts







මුහුදු මාළු රස ගුණ ඇත්ත වුනත් නරක් වුන මාළු ආහාරයට ගැනීමෙන් ඇති වෙන ආහාර විෂ වීම් ඉතාම උග්‍රයි. ඒ නිසා මාලු මිළට ගැනීමට පෙරාතුව එහි ස්වභාවයෙන්ම ආහාරයට ගත යුතුද….එහෙම නැත්නම් නරක් වුන තත්වයට පත්ව තිබෙනවාදැයි සැක බිය හැර දැනගන්නම ඕන. ඒත් දුගඳක් හමන විට මාළු ආහාරයට නුසුදුසු බව දැන ගත්තත් එයින් එපිටට යමක් අපි දන්නේ නැහැ. ඔබව නොමග යවමින් මේ අලුත්ම මාළු යැයි ඔබව මුලා කරන අවස්ථාවන් ඉතාම සුලබයි. කාගේවත් කීමකට නතු නොවී ආහාරයට සුදුසු මාලු මිලට ගැනීම ගැන කරුණු ඔබ දැන ගත යුතුම වෙනවා.

අලුත් මාළු
– මතුපිට දිප්තිමත්

– විනිවිද පෙනෙන හ්ලේෂ්ම පටලයන්ගෙන් යුක්තයි.

– ඇස් ඉදිරියට නෙරා ගොසින්ය.

– කළු ඉංගිරියාව කලු පැහැතියි.

– දෘෂ්ටි විතානය පැහැදිලිව විනිවිද පෙනන ගුනයෙන් යුක්තයි.

– කරමල් දීප්තිමත් රතුපාටයි.

– ශ්ලේෂ්මලයෙන් තොරයි.

– වතුරට සමාන ගන්ධයකින් යුක්තයි.

– ඇඟිල්ලෙන් තද කළ විට සැදෙන වල නැවත යථා තත්වයට පත් වේ.

නරක් වුන මාළු හඳුනාගන්නේ කොහොමද ?
– සම මතු පිට ශ්ලේෂ්මල පටකය ගණකමින් යුක්තයි. එය කහ, දුඹුරු පැහැයක් ගනී.

– ඇස් යටට ගිලා බැස ඇති අතර හැකිලෙන්නට පටන් ගනී.

– කළු ඉංගිරියාව වලාකළු වැනි කිරිපාට පැහැයක් ගනී. පැහැදිලි හා දිලිසෙන පාටක් ගනී.

– කරමල් අවපාටය. දුඹුරු අලු පැහැයක් ගැනේ.

– මතුපිට තද කල විට තරලමය ස්වභාවයක් ගනී.

– ගන්ධය ඇමයිනෝ සල්ෆරික්වලට සමානය.

මාළු විෂ වීම
– හුරුල්ලා , කෙලවල්ලා වැනි මාලු උෂ්ණයි. යකඩ අධිකයි.

– මාළු විස වුන විට වමනය , පාචනය වගේම කැසීම, පලුනැගීම වැනි තත්වයන්ද ඇති වෙනවා.

– මාළු ප්‍රවාහනයට පෙරාතුව බඩවැල් ඉවත් කර ශීත කිරීමෙන් හිස්ටමින් අවම කර ගැනීමට පුලුවන්.

තැලුන ටින්වල තිබෙන මාළු ආහාරයට නුසුදුසු ඇයි ?
ටින් කරන ලද මාලු අසුරන ඇසුරුම් සුරක්ෂිතයි. ඊට හේතුව ඇසුරුම මුද්‍රා තබා ඇති නිසා ක්ෂුද්‍ර ජීවින් ඇතුලු වීමන් සිද්ධ වෙන්නේ නැහැ. අසුරන්න පෙරාතුව භාජනය ජීවානුහරනය කරනවා. ඒ වගේම මෙම ටින්වල ඇතුගත ආස්තරන කීපයක් තිබෙනවා. ඒ නිසා කල් තබා ගැනීමට එක් කරනලලද ආම්ලික ද්‍රව්‍ය ආහාරය සමග ගැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. ටින් තැලුන විට ආස්තරනයට හාකි වෙනවා. එවිට ආහාරයට විෂ එක්වීම සිදු වෙනවා.සැමන්, කෝන් බිෆ් , කෝන් මට්න් වැනි මස් සහ මාලු වර්ග ටින්වල අසුරා තිබෙනවා. ඒ නිසා මෙම ටින් මිලට ගැනීමේදී තැලී තිබෙනවා නම් ඒවා මිළට ගැනීමෙන් වලකින්න.

0 comments

Post a Comment

Trending

facebook