Popular Posts







පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පසුගියදා කළ ප්‍රකාශය තුල ආන්දෝලනාත්මක කතා බහක් නිර්මාණය වී ඇති මොහොතක, ඊයේ (25) දිනයේදී රන්ජන් රාමනායක අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ එලෙස මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක්ද සිටින බවයි.

එසේම අදාල මන්ත්‍රීවරිය කොකේන් මත්ද්‍රව්‍යවයට අමතරව ටැබ්ලට්, සිගරට් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පාවිච්චි කරන බවත්, තම පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් ඒ බව තහවුරු කර ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් එම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය කවුරුන්ද යන්න හෝ එතුමිය දැනට පාර්ලිමේන්තුවේ සිටිනවාද නැද්ද යන්න හෝ මේ මොහොතේ මාධ්‍යයට ප‍්‍රකාශ කළ නොහැකි බව සඳහන් කළ රන්ජන් රාමනායක මහතා ඉදිරියේ දී ඒ පිළිබඳ සියලූ තොරතුරු රට හමුවේ ඉදිරිපත් කරන බව ද කියා සිටියා.

තනතුරු, තාන්න මාන්න, පුද්ගලික හිතවත්කම් පසෙක ලා රට හමුවේ විශාල ප‍්‍රශ්නයක් වී ඇති විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ කාර්යය ඉටු කිරීම වෙනුවෙන් තමන්ට කළ හැකි සියලූ කටයුතු නොපැකිලිව සිදු කරන බවත්, එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා බොහෝ පිරිසක් තමන් සමඟ සිටින බවත් පවසන රංජන් රාමනායක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන් මීට පෙර අනාවරණය කළ කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මන්ත‍්‍රීවරුන්ගේ හෙළිදරව්වෙන් පසු ඔවුන් විවිධ ඖෂධ භාවිතා කරමින් ඉන් ගැලවීමට ප‍්‍රයත්න දරමින් සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.



0 comments

Post a Comment

Trending

facebook