ගාල්ල මහ වීදිය ප්‍රදේශයේ පවත්වාගෙන යන ඔරලෝසු වෙළඳ සැලකට පැමිණ  කප්පම් ඉල්ලූ පුද්ගලයෙකුට පහර දී ඔහුව කොටු කර ගැනීමට එම වෙළඳ සැල් හිමියන් සමත් වී තිබෙනවා. ඊයේ(26) පස්වරුවේ අදාල පුද්ගලයා පිහියක්ද අතැතිව එම වෙළඳ සැළට පැමිණ කප්පම් ඉල්ලා ඇති අතර එහිදී මෙම පහර දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු  ගාල්ල ප්‍රදේශයේ වෙළඳ සැල්වලට පැමිණ නිරන්තරයෙන් කප්පම් ඉල්ලූ අයෙකු බවයි සඳහන් වන්නේ.

මෙම සිදුවීම වෙළඳ සැළෙහි සවිකර තිබූ CCTV කැමරා වල සටහන්ව තිබූ අතර සිද්ධිය පිළිබඳ ගාල්ල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.







0 comments

Post a Comment

Trending

facebook