ගුවන්සේවිකාවන් ගැන ඇසු පමණින් ඔබගේ සිතට එන්නේ ඉතාමත් රූමත් තරුණියන් කිහිපදෙනෙකුගේ සේයාවන්ය.ලොව සිටිනා රුමත්ම ගුවන් සේවිකාවන් සිටින්නේ කිනම් රටේද? යන පැනයට විසඳුමක් ගැන සිතීමට ඔබට දින ගණන් ගතවන බව නිසැකය.මන්දයත් සියලුම රටවල රූමත්ම කාන්තාවන් ගුවන් සේවිකා තනතුරෙහි කටයුතු කරන බව අප සැම දෙනාම හොඳින්ම දන්නා කරුණකි. ලොව රුමත්ම ගුවන්සේවිකාවන් අනුපිළිවෙලට සකස් කලොත් ලොව පළමු ස්ථාන 5හේ රැදෙන ගුවන්සේවිකාවන් පහත වේ .



1.ප්‍රංශ ගුවන්සේවය

ගුවන්සේවයේ ඉකොනොමි පන්තියේ ආසන එතරම් සුවපහසු නැති වුවත් එම සියලුම අපහසුතා ගුවන්සේවිකාවන් දුටු විගසින් නැතිවී යයි.ඔවුන්  දුටු විට ඔබ සිහිනයකදැයි සිතෙන තරමටම ඒ සුන්දරත්වය ඔබව අමන්දානන්දයට පත්කරයි.ප්‍රංශ ගුවන්සේවිකාවන්ගේ නිල ඇඳුම නිර්මාණය කිරීම සඳහා ප්‍රකට නිර්මානශිල්පි ක්‍රිස්ටීන් ලැක්‍රෝයික්ස් මහතා තෝරාගත් අතර ඔහු විසින් තම කර්තව්‍ය අකුරටම ඉටුකර ඇති බව ඕනෑම කෙනෙකුට පෙනෙන්නට ඇති කරුණකි.ඔවුන්ගේ භාෂා හැසිරවීමේ විලාශය හා මගින් පිළිගෙන ඔවුන්ට සත්කාර කිරීමේදී දක්වන ලැදියාව අනෙකුත් ගුවන්සේවිකාවන්ට වඩා ඉතාමත් ඉහල තැනක් ගන්නා බව සමීක්ෂණ වාර්තා වලට අනුව හෙළිවේ.









2.සිංගප්පූරු ගුවන්සේවය

අවුරුදු 40ක් පැරණි නිළ ඇඳුමකින් සැරසී සිටිනා සිංගප්පුරු ගුවන්සේවිකාවන් එරටට අනන්‍ය වූ කෙබයා නැමති සරමක් සහිත ඇඳුමකින් සමන්විතය.යුරෝපීය කාන්තාවට වඩා අමුතු අලංකාරයක් ආසියානු කාන්තාව සතු වන බව සියලුදෙනාම හොඳින් දන්නා කරුණකි.හොඳම සත්කාරක ගුවන්සේවය සඳහා පිරිනමන ආසියා පැසිෆික් සම්මානය නොකඩවා 17 වරක් දිනා ගැනීමට සිංගප්පුරු ගුවන්සේවය සමත් විය.එරට ගුවන් සේවිකාවන්ගේ රුමත්බව,සත්කාරකත්වය හා සුහදශිලිබව කියන මේ කරුණු සියල්ලම මේ සම්මානය මෙතරම් කාලයක් මොවුන් සතු කරගැනීමට හේතුව ලෙස දැකිය හැකියි.








3.රුසියානු ගුවන්සේවය

ලොව රූමත්ම ගුවන්සේවිකාවන් සිටින රටවල් ලෙස ශ්‍රේණිගත කිරීම් වල තෙවෙනියට රුසියානු ගුවන්සේවය සඳහන් වෙයි.ඔවුන්ගේ නිළ  ඇඳුම රතු වර්ණයෙන් යුක්ත වන අතර එය එරටට අනන්‍ය ලක්ෂන වලින් යුක්තව නිම කර ඇත.ඉතා ඉහල මට්ටමේ නිර්මාණශීලි බවක් එහි දක්නට නොලැබුනත් එම නිල ඇඳුමටම අවේනික වූ උල් බවක් සහිත හිස් පැළදුම ගුවන්සේවිකාවන් හට මනා පෙනුමක් ලබාදෙයි.රුසියානු ගුවන්සේවිකාවන් ලොව ලගන්නාසුලු බවින් ඉහලම අය  බව වාර්තාවලින් ඔප්පු වේ.






4.ඕස්ට්‍රේලියානු ගුවන්සේවය

රූමත් ගුවන්සේවිකාවන් පිරිසකගෙන් හෙබි ඕස්ට්‍රේලියානු ගුවන් සේවය ශ්‍රේණිගත කිරීම් වල සිවුවැනි ස්ථානයේ පවතී.මේ නිළ ඇඳුම නිර්මාණය කර ඇත්තේ මිරැන්ඩා කේර් විසිනි.ඉතාමත් අලංකාර වර්ණ සංයුතියකින් සමන්විත එම නිළ ඇඳුම හේතුවෙන් එරට ගුවන්සේවය ලොව පුරා ප්‍රචලිතවී ඇත.දේහ වර්ණය හා මුහුණුවර පිහිටීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු කාන්තාවන් අනෙක් රටවල කාන්තාවන්ට වඩා රූමත් බවින් ඉහළය.ඔවුන්ගේ සමෙහි වර්ණය හා නිළ ඇඳුමේ වර්ණය එකට ගැළපු විට එය මනා සංයෝජනයක් බව ඕස්ට්‍රේලියානු ගුවන්සේවිකාවන් දකින ඔබට මනාව පසක් වේ .






5.එමිරේට්ස් ගුවන්සේවය

ලොව ඇති ඉතාමත් සුඛෝපභෝගී ගුවන්සේවයක් ලෙස හැදින්වෙන එමිරේට්ස් ගුවන්සේවයේ නියුතු ගුවන්සේවිකාවන් ලොව විවිධ රටවල් නියෝජනය කරන අතර ඔවුන් ලොව සිටින විධිමත්ම ගුවන්සේවිකාවන් ලෙස නම් දරා සිටියි .ඔවුන්ගේ නිල ඇඳුම ඉතාම චාම් උවත් එය ඉතාම ඉහල පෙළේ නිමවුමක් බව බොහෝ දෙනා පවසයි.එමගින් ගුවන්සේවිකවන්ගේ රුමත්බව ඉස්මතු කරන අතර දකින්නන්ට ප්‍රිය උපදවීමට සමත් වේ.මෙම ගුවන් සේවය ලොව මිල අධිකම ගුවන්සේවය වීමට මෙම ගුවන්සේවිකාවන්ගේ සුහදශිලිබව,සත්කාර සිදුකරන ආකාරය හා ඔවුන්ගේ රුමත්බව හේතුවේ.කෙසේ වෙතත් ලොව රූමත්ම ගුවන්සේවිකාවන් සිටින රටවල්වල ශ්‍රේණිගත කිරීම්වල එමිරේට්ස් ගුවන්සේවයට ලැබෙන්නේ 5වැනි ස්ථානයයි .




0 comments

Post a Comment

Trending

facebook