Popular Posts





ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ "ගැබා" හි පවත්වන වොන් මුරලි ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු ඉණිම ලකුණු 323 කට සිමා කිරීමට සුරංග ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූවා.

එහිදී සුරංග ලක්මාල් ඕස්ට්‍රේලියා පිතිකරුවන් 5 දෙනෙකු, ලකුණු 75ක් තුල දවා ගනු ලැබුවා.

ඊයේ (24) දිනයේදී තරගය නතර කරන විට ඕස්ට්‍රේලියාව සිය පළමු ඉණිම සඳහා කඩුලු 02ක් දැවී ලකුණු 72ක් ලබා සිටියා. ඒ ශ්‍රී ලංකාව සිය පළමු ඉණිමට රැස් කර ලකුණු 144ට පිළිතුරු වශයෙන්.

අද (25) තරගය ආරම්භ කිරිමත් සමග ඕස්ට්‍රේලියා ඉණිමේ කඩුලු දෙකක් දවා ගනිමින් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට හිසරදයක් වුයේ ඕස්ට්‍රේලියාවේ 05 වන කඩුල්ල වෙනුවෙන් මෝර්නස් ලබුස්කැග්නි සහ ට‍්‍රැවිස් හෙඞ් එක්ව ලකුණු 166ක සම්බන්ධතාවයයි.

ඕස්ට්‍රේලියාවේ පිතිකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් ගෙන් සාර්ථක පන්දු යැවීමක නිරතවූ සුරංග ලක්මාල් ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් මිට පෙර වාර්තා කර තිබු හොඳම පන්දු යැවීමේ වාර්තාව තමන් සතු කර ගනු ලැබුවේ මිට වසර 30 කට පෙර ග්‍රැහැම් ලබ්රෝයි විසින් ගැබා ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කල ලකුණු 133 කට කඩුලු 5ක් දවා ගැනීමේ වාර්තාව තමන් සතු කර ගනිමිනුයි.

දිනය අවසානය වන විට තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක කඩුල්ලක් දැවී ලකුණු 17ක් රැස් කර ගෙන සිටිනවා.






0 comments

Post a Comment

Trending

facebook