ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හදිසියේ ගාස්තු වැඩිවීමක් සිදුවී ඇති බව ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව එය 2018 වර්ෂය හා සසඳන කල 30% ක ගාස්තු වැඩිවිමකි. මෙවර ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයේ ටෙස්ට් තරඟාවලියේ එක් තරඟයක් සඳහා එක් ක්‍රීඩකයෙක්ට ගෙවා ඇති මුදල ඩොලර් 7000කි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 13කි.

මෙය මාසික කොන්ත්‍රාත්තුවට අමතරව ලැබෙන දීමනාවකි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයෙක් සඳහා මාසිකව ලැබෙන මුදල වන්නේ රුපියල් ලක්ෂ 40කි. ඒ අනුව 2019 ජනවාරි මාසය සඳහා ජේෂ්ඨ ක්‍රීඩකයෙක් සඳහා ගෙවා ඇති මුදල වන්නේ රුපියල් ලක්ෂ 53කට ආසන්න වේ.

ඇතැම් ජේෂ්ඨ ක්‍රීඩකයන් ටෙස්ට් තරඟාවලියෙන් ඉනිම් දෙකටම ලබා ඇත්තේ ළකුණු 5කටත් වඩා අඩු ගණනකි. ඒ අනුව එක් ලකුණක් සඳහා ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ 11කි. මෙවැනි අසීමිත මුදල් කන්දරාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අදක්ෂ ක්‍රීඩකයන්ට කණ්ඩායමේ තියාගෙන මුදල් පොම්ප කරන්නේ කිනම් අරමුණක් යටතේද..?

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟාවලි පරාජය වීමේදී දක්ෂ ක්‍රීඩකයන් කණ්ඩායමට නොගෙන තමන්ගේ ගජමිතුරු සහ තමන්ගේ පාසැලේ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙමින් කාලයක් ලොව අංක 1 ක්‍රිකට් කණ්ඩායම වූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ලොව අදක්ෂම ක්‍රිකට් කණ්ඩායම බවට පරිවර්තනය කරමින් ශ්‍රී ලංකාවේ හදවත බඳුවූ ක්‍රිකට් ක්‍රීඩාව අභාවයට ගෙන යෑම කෙසේනම් ඉවසන්නද..?

2019 ලෝක කුසලානය පෙනි පෙනී තිබියදී දක්ෂ කණ්ඩායමක් තෝරා ගැනීම පසෙකලා මුදල් වලට කෑදරවී ක්‍රිකට් බලධාරීන් කටයුතු කරන්නේ කාගේ වුවමනා මතද..?

0 comments

Post a Comment

Trending

facebook