Popular Posts






දිනෙන් දින ආගාධයට යමින් පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට තවත් හේතුවක් ලෙසට ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට චෝදනා එල්ල වී තිබෙනවා.

ඉතා ඉහළ වැටුපක් සහ තවත් දීමනා ‍රාශියක් ලබා ගනිමින් මාස් පතා කෝටියකට ආසන්න සුපිරි වැටුපක් ලබා ගන්නා චන්දික ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දෙන වාර්තාවකට පවා ලක්ෂ හැටක පමණ මුදලක් ලබා ගනියි. එතරම් විශාල මුදලක් උපයන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කිසිදු යහපත් වෙනසක් සිදු නොකළා යැයි ක්‍රිකට් බලධාරීන් අතර කතාබහට ලක්ව තිබෙන බව වාර්තා වේ.

මෙයට අමතරව සිය පෞද්ගලික න්‍යායපත්‍රයන්ට අනුව ක්‍රියා කරමින් කණ්ඩායම තේරීමේ කටයුතු වල නිරත වූවා යැයි හතුරුසිංහට චෝදනා එල්ල වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගිල ගනිමින් සිටින අන්තවාදි ආගමික නිකායක් වැළද ගෙන සිටින හතුරුසිංහ කණ්ඩායම තෝරා ගැනීමෙදි දක්ෂතාවයට වඩා ආගමික මතවාද සළකා බැලුව යැයි මාධ්‍ය මගින් පසුගිය දිනවල හෙළිකර සිටියේය.

මේ අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට අමතරව තේරීම් කමිටුවේ බලය හිමිව තිබූ චන්දික හතුරුසිංහගේ තේරීම් බලය ඉවත් කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරයා පියවර ගෙන තිබෙන බව වාර්තා වේ. එ් අනුව ඉදිරියේදී ඔහුට ජාතික කණ්ඩායමේ කිසිම තේරීමකට මැදිහත් වීමේ හැකියාවක් නොමැත.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත්වීම, කණ්ඩායමේ එකමුතුකම බිඳ වැටීම, නිසි තේරීම් පටිපාටියක් නොවීම සහ තේරීම් කමිටුවේ අභිමතයට ඉහළින් කටයුතු කිරීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින් ඇමැතිවරයා විසින් අදාළ තනතුරින් චන්දික හතුරුසිංහ ඉවත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

එ් අනුව ඉදිරියේදී ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම, ‘එ්’ කණ්ඩායම, නැගී එන කණ්ඩායම සහ යොවුන් කණ්ඩායම් ඇතුළු ජාතික ක‍්‍රිකට් තේරීම්වල පූර්ණ වගකීම වත්මන් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් ඇතුළු කමිටුවට හිමිව ඇති අතර එම ලිපිය එම සාමාජිකයන් වෙත ඊයේ (28) භාරදී තිබේ.

තේරීම් කමිටුව විසින් සංචිතයකට නම් කරන ක‍්‍රීඩකයන් අතරින් අවසන් එකොළොස් දෙනා තේරීම ඉදිරියේදී බහුතර කැමැත්ත අනුව සිදුකරන අතර එම තේරීම් වලටද හතුරුසිංහට මින් ඉදිරියට මැදිහත් විය නොහැක. තේරීම් කමිටු සභාපතිවරයා සහ සෙසු සාමාජිකයන් තිදෙනා සමග කණ්ඩායම් කළමනාකරු සහ නායකයා එක්ව අවසන් එකොළොස් දෙනා බහුතර කැමැත්තෙන් තේරීම ඔස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිට ක‍්‍රියාත්මක වේ.

0 comments

Post a Comment

Trending

facebook