Popular Posts









ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීම හේතු කොටගෙන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩක, සාර්ථක ශ්‍රී ලංකා ක්‍රිකට් 'A'කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශයේ පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශයේ පුහුණුකරු ලෙස කටයුතු කළ ජෝන් ලෙවිස් හදිසි කාරණාවක් හේතුවෙන් ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගාවලිය අතුරතුර ඉවත් වීම කටයුතු කොට ගනිමින් මෙසේ අවිශ්ක ගුණවර්ධන මහතා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්කළ බවයි වාර්තාවන්නේ.

පවුලේ කාරණාවක් මුල්කරගෙන ඇති වූ හදිසි තත්ත්වයක් නිසා ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (29) පෙන්වා දුන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේදී අවිශ්ක ගුණවර්ධන ජාතික කණ්ඩායම සමග කටයුතු කරනු ඇති.

කෙසේ නමුත් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියේදී ජෝන් ලෙවිස් යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එකතු වෙන බවයි ආරංචි මාර්ග පවසා සිටින්නේ.

0 comments

Post a Comment

Trending

facebook